අපරික්ෂාකාරී රිය ධාවනයෙන් තුවාල ලැබූ හබරණ සෆාරි අලියා මිය යයි

Monday, 11 September 2017 - 17:41

%E0%B6%85%E0%B6%B4%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%8F%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B7%93+%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B6%B0%E0%B7%8F%E0%B7%80%E0%B6%B1%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%8F%E0%B6%BD+%E0%B6%BD%E0%B7%90%E0%B6%B6%E0%B7%96+%E0%B7%84%E0%B6%B6%E0%B6%BB%E0%B6%AB+%E0%B7%83%E0%B7%86%E0%B7%8F%E0%B6%BB%E0%B7%92+%E0%B6%85%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%8F+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA+%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
ප්‍රතිකාර ලබාදීම සඳහා පින්නවල අලි අනාථාගාරය වෙත ලොරි  රථයකින් රැගෙන එමින් සිටියදී අනතුරට ලක්වීම හේතුවෙන් තුවාල ලැබූ හබරණ සෆාරි සඳහා යොදවා තිබූ කණ්ඩුල නමැති අලියා අද අලුයම මියගොස් තිබෙනවා.

56 වන වියේ පසුවූ මෙම අලියා කඩුගන්නාව - ඉලුක්වත්ත ප්‍රදේශයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මෙලෙස මියගිය බවයි හිරු වාර්තාකරු සඳහන් කළේ.

අසනීප තත්ත්වයෙන් පසුවූ මෙම අලියා හබරණ ප්‍රදේශයේ සිට ප්‍රතිකාර සඳහා ලොරි රථයකින් පින්නවල වෙත රැගෙන එමින් සිටියදී එහි රියදුරුගේ අපරීක්ෂාකාරී රිය ධාවනය හේතුවෙන් අනතුරට ලක්වුණේ පෙරේදා පස්වරුවේදියි.

අනතුරට ලක්වූ ස්ථානයට ආසන්න ප්‍රදේශයේදී අලියාට ප්‍රතිකාර කටයුතු කිරීම ඊයේ ආරම්භ කෙරුණු නමුත්  අලියා අද උදෑසන ජීවිතක්ෂයට පත්වූ බවයි ඇත්ගොව්වා වන සමන් සිසිර හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.

මේ අතර මිය ගිය ‘කණ්ඩුල’ නමැති අලියාගේ මරණය සම්බන්ධයෙන් සොයා බැලීමට විශේෂ කමිටුවක් පත් කර තිබෙනවා.

තිරසර සංවර්ධන හා වනජීවි අමාත්‍යාංශ ලේකම් ආර්.එම්.ඩී.බී. මීගස්මුල්ල හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් කියා සිටියේ විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකුගේ ප්‍රධානත්වයෙන් මෙම කමිටුව පත් කළ බවයි.