මියන්මාරයේ ජන සංහාරයක් සිදුවන බවට ජගත් සංවිධානයෙන් චෝදනා

Monday, 11 September 2017 - 17:56

%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B7%9A+%E0%B6%A2%E0%B6%B1+%E0%B7%83%E0%B6%82%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B7%80%E0%B6%B1+%E0%B6%B6%E0%B7%80%E0%B6%A7+%E0%B6%A2%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B6%82%E0%B7%80%E0%B7%92%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%A0%E0%B7%9D%E0%B6%AF%E0%B6%B1%E0%B7%8F
මියන්මාර හමුදා රඛීනේ ප්‍රාන්තයේ සිදුකරන හමුදා මෙහෙයුම් රොහින්ග්‍යා මුස්ලිම්වරුන්ට එරෙහි ජන සංහාරයක් බවට ජගත් සංවිධානය චෝදනා කරනවා.

ජගත් මානව හිමිකම් කොමසාරිස් සෙයිද් රාද් අල් හුසේන් කුමරු ප්‍රකාශ කළේ රොහින්ග්‍යා මුස්ලිම්වරුන්ගේ ගම්මාන ගිනි තැබීමේ සිද්ධීන් මෙන්ම පලා යන සරණාගතයන්ට වෙඩි තැබීමේ සිද්ධීන් පිළිබදව තොරතුරු තමන් වෙත ලැබී ඇති බවයි.

මේ වන විට තුන්ලක්ෂයකට අධික රොහින්ග්‍යා මුස්ලිම්වරුන් බංග්ලාදේශයට පළා ගොස් තිබෙනවා.