ත්‍රිරෝද රථ මීටර් නීතිය කල් යන ලකුණු

Tuesday, 12 September 2017 - 7:35

%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%AF+%E0%B6%BB%E0%B6%AE+%E0%B6%B8%E0%B7%93%E0%B6%A7%E0%B6%BB%E0%B7%8A+%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92%E0%B6%BA+%E0%B6%9A%E0%B6%BD%E0%B7%8A+%E0%B6%BA%E0%B6%B1+%E0%B6%BD%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94
ඔක්තෝම්බර් 01 වන දා සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ ත්‍රිරෝද රථ සඳහා මීටරය අනිවාර්ය කිරීමේ නීතිය කල් යනු ඇති බව මාර්ග ආරක්ෂාව පිළිබද ජාතික සභාව පවසනවා.

අදාළ නීතිය ක්‍රියාත්මක කිරීමට එරෙහිව ඇතැම් ත්‍රිරෝද රථ සංගම් විරෝධය පළ කරනවා.

කෙසේ වෙතත්, මාර්ග ආරක්ෂාව පිළිබද ජාතික සභාවේ සභාපති වෛද්‍ය සිසිර කෝදාගොඩ සඳහන් කළේ අදාළ නීතිය පිළිබදව යළි සාකච්ඡා කොට තීරණයක් ගන්නා බවයි.

එතෙක් අදාළ නීතිය ක්‍රියාත්මක කිරීම කල් යනු ඇති බවටයි ඔහු වැඩිදුරටත් සදහන් කළේ.