රජයේ වෛද්‍යවරුන් අද දිස්ත්‍රික්ක 09ක වර්ජනයේ

Tuesday, 12 September 2017 - 7:57

%E0%B6%BB%E0%B6%A2%E0%B6%BA%E0%B7%9A+%E0%B7%80%E0%B7%9B%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%AF+%E0%B6%AF%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A+09%E0%B6%9A+%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A
රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය අද දිස්ත්‍රික්ක 09ක වර්ජනයක් ක්‍රියාත්මක කරනවා.

ඒ අනුව යාපනය, කිලිනොච්චිය, මන්නාරම, මුලතිව්, ත්‍රිකුණාමලය, මඩකලපුව, පොළොන්නරුව, හම්බන්තොට සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල මෙම වර්ජනය ක්‍රියාත්මක වනු ඇති.

එමෙන්ම හෙට දිනයේදී වව්නියාව, මාතලේ, අම්පාර, බදුල්ල, මොණරාගල සහ මාතර යන දිස්ත්‍රික්කවලත්, අනිද්දා දිනයේ අනුරාධපුර, කුරුණෑගල, මහනුවර, රත්නපුර සහ ගාල්ල යන දිස්ත්‍රික්කවලත් මෙම වර්ජනය ක්‍රියාත්මක කිරීමටයි සැලසුම් කර ඇත්තේ.  

මේ අතර, වෛද්‍ය විද්‍යාලවලට සිසුන් ඇතුළත් කරගැනීමේදී සලකා බැලෙන අවම ප්‍රමිතීන් සකස් කිරීම සදහා පත් කළ වෛද්‍ය සභාවේ කමිටුව ඊයේ පස්වරුවේ රැස් වුණා.

ඒ, මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට සිසුන් ඇතුළත් කර ගැනීමේදී විශ්වවිද්‍යාල කොමිෂන් සභාව විසින් ඉදිරිපත් කළ සංශෝධිත නිර්ණායක 18 පිළිබදව සාකච්ඡා කිරීමටයි.

මීට මාස 03 කට පෙර වෛද්‍ය සභාව මගින් වෛද්‍ය විද්‍යාලයකට සිසුන් ඇතුළත් කර ගැනීමට අදාළ අවම ප්‍රමිතීන් සකස් කරනු ලැබුවා.

කෙසේ නමුත් එම නිර්ණායක සංශෝධනය විය යුතු ආකාරය නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුව විසින් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමට දැනුම් දී තිබෙනවා.

ඒ අනුව සකස් කරනු  ලැබූ සංශෝධිත නිර්නායක 18න් බහුතර නිර්නායක වලට අවම ප්‍රමිතීන් සකස් කිරීමේ කමිටුවේදී අනුමැතිය නොලැබුණු බවයි වෛද්‍ය සභාවේ ප්‍රකාශකයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට ප්‍රකාශ කළේ.

කෙසේ වෙතත්, ඊයේ පැවැති සාකච්ඡාවේදී ගත් එම තීරණය සම්බන්ධයෙන් අද පැවැත්වෙන වෛද්‍ය සභාවේ විශේෂ රැස්වීමට ඉදිරිපත් කිරීමට නියමිතයි.