නිදහස් පක්ෂ මන්ත්‍රී කණ්ඩායම සහ ජනපති අතර හදිසි සාකච්ඡාවක්

Tuesday, 12 September 2017 - 8:08

%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B7%8A+%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%9A%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%8F%E0%B6%BA%E0%B6%B8+%E0%B7%83%E0%B7%84+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%85%E0%B6%AD%E0%B6%BB+%E0%B7%84%E0%B6%AF%E0%B7%92%E0%B7%83%E0%B7%92+%E0%B7%83%E0%B7%8F%E0%B6%9A%E0%B6%A0%E0%B7%8A%E0%B6%A1%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
ආණ්ඩුවේ සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී කණ්ඩායම හදිසි සාකච්ඡාවක් සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් අද රාත්‍රියේ කොළඹට කැදවා තිබෙනවා.

මෙම සාකච්ඡාව රාත්‍රී 8ට ජනාධිපති නිල නිවසේදී පැවැත්වෙන බවයි නිදහස් පක්ෂ අමාත්‍යවරයෙකු හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී සඳහන් කළේ.

මෙම සාකච්ඡාවට අනිවාර්යෙන් සහභාගි වන ලෙස ජනාධිපති කාර්යාලය, නිදහස් පක්ෂ මැති ඇමතිවරුන්ට ඊයේ රාත්‍රියේ දුරකථනයෙන් දැනුම් දී ඇති බව සඳහන්.

පළාත් සභා මැතිවරණ එකම දිනකදී පැවැත්වීමට අදාල 20වන ව්‍යවස්ථා සංශෝධනය, වත්මන් දේශපාලන තත්වය ඇතුළු කරුණු රැසක් සම්බන්ධයෙන් මෙහිදී අවධානය යොමු කරනු ඇති බවයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ.

20 ව්‍යවස්ථා සංශෝධන සම්බන්ධයෙන් විවාදය මේ මස 20 වනදා පාර්ලිමේන්තුවේ සිදුකිරීමට නියමිත අතර, එය එදිනම විවාද කර සම්මත කර ගැනීමට නියමිතයි.