යෝෂිත එෆ්.සී.අයි.ඩීයෙන් වෙනත් දිනයක් ඉල්ලයි

Tuesday, 12 September 2017 - 12:54

%E0%B6%BA%E0%B7%9D%E0%B7%82%E0%B7%92%E0%B6%AD+%E0%B6%91%E0%B7%86%E0%B7%8A.%E0%B7%83%E0%B7%93.%E0%B6%85%E0%B6%BA%E0%B7%92.%E0%B6%A9%E0%B7%93%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B6%AD%E0%B7%8A+%E0%B6%AF%E0%B7%92%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%BA%E0%B7%92
ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා මූල්‍ය අපරාධ කොට්ඨාශය වෙත කැදවනු ලැබූ හිටපු ජනාධිපති පුත් යෝෂිත රාජපක්ෂට පෞද්ගලික හේතුවක් මත අද දිනයේදී පැමිණීමට නොහැකි බව දන්වා තිබෙනවා.

නැවත පැමිණීම සඳහා සති දෙකක කාලයක් ලබාදෙන ලෙසටයි ඔහුගේ නීතිඥවරයා පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය වෙත දන්වා ඇත්තේ.

යෝෂිත රාජපක්ෂගේ මිත්තණිය වූ ඩේසි ෆොරස්ට් නමින් ගල්කිස්ස - මිහිදු මාවතේ නිවසක් සහිත ඉඩමක් මිලදී ගැනීම සහ රත්මලාන - කෙකටිය ප්‍රදේශයේ ඉඩමක් මිලදී ගැනීම සම්බන්ධයෙන් සිදුකෙරෙන පරීක්ෂණයකට අදාළව ප්‍රකාශයක් ලබාගැනීම සඳහායි ඔහු අද දිනයේදී කැදවනු ලැබුවේ.

මේ අතර, යෝෂිත රාජපක්ෂගේ මිත්තණිය මේ මස 20 වන දා මෙම පරීක්ෂණයට අදාළව වැඩිදුර ප්‍රකාශයක් ලබා ගැනීමට පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය අධිකරණ නියෝගයක් ද ලබාගෙන තිබෙනවා.