ධීවර වරායන් විදේශ සමාගම්වලට බදු දීමට කැබිනට් පත්‍රිකාවක්

Tuesday, 12 September 2017 - 12:58

%E0%B6%B0%E0%B7%93%E0%B7%80%E0%B6%BB+%E0%B7%80%E0%B6%BB%E0%B7%8F%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%9A%E0%B7%81+%E0%B7%83%E0%B6%B8%E0%B7%8F%E0%B6%9C%E0%B6%B8%E0%B7%8A%E0%B7%80%E0%B6%BD%E0%B6%A7+%E0%B6%B6%E0%B6%AF%E0%B7%94+%E0%B6%AF%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%9A%E0%B7%90%E0%B6%B6%E0%B7%92%E0%B6%B1%E0%B6%A7%E0%B7%8A+%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
ධීවර වරායන් 10ක් රුපියල් කෝටි 169කට විදේශ සමාගම්වලට බදු දීම සඳහා අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇති බවට ජනතා විමුක්ති පෙරමුණ ප්‍රකාශ කළා.

එහි ප්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මේ බව අනාවරණය කළේ පක්ෂ මූලස්ථානයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

එහිදී මන්ත්‍රීවරයා කියා සිටියේ මෙම වරායන් විදෙස් සමාගම්වලට විකිණීමෙන් ධීවර ජනතාවට මරු පහරක් එල්ල වන බවයි.