සී අයි ඩීය අර්ජුන ඇලෝසියස්ගේ නිවසට

Tuesday, 12 September 2017 - 14:51

%E0%B7%83%E0%B7%93+%E0%B6%85%E0%B6%BA%E0%B7%92+%E0%B6%A9%E0%B7%93%E0%B6%BA+%E0%B6%85%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B7%94%E0%B6%B1+%E0%B6%87%E0%B6%BD%E0%B7%9D%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%83%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%83%E0%B6%A7
සාක්ෂිකරුවෙකු ලෙස බැඳුම්කර කොමිසමට හමුවට පැමිණෙන ලෙසට සිතාසි ලැබූ පර්පෙචුවෙල් ටෙ‍්‍රෂරීස් හිමිකරු අර්ජුන් ඇලෝසියස් රටින් පිටව ගොස් ඇති බවට ආරංචි ඇතැයි, රජයේ නීතිඥයින් අද (12) බැඳුම්කර කොමිසමට දැනුම් දුන්නා.

වැඩබලන සොලිසිටර් ජනරාල්, ජනාධිපති නීතිඥ දප්පුල ද ලිවේරා කොමිසමට පැවසුවේ ඔහු රටින් පිටව ගොස් ඇති බවට තහවුරු නොකළ ආරංචි මාර්ග දැනුම් දී ඇති බවයි.

එය ප්‍රතික්ෂේප කළ අර්ජුන් ඇලෝසියස්ගේ නීතිඥවරයා ඔහු හෙට (13) කොමිසම හමුවේ පෙනී සිටින බව ප්‍රකාශ කළා.

එසේම ඔහු සදහන් කළේ පොලිස් නිලධාරීන් කණ්ඩායමක් අද ඔහුගේ නිවසට ගොස් ඇති බවයි.

බැංකු ගිණුම් වාර්තා අද කොමිසමට ලබාදෙන ලෙසට අර්ජුන් ඇලෝසියස්ට දැනුම් දුන්නද ඔහු එය ලබාදීමට අපොහොසත්වීම නිසා පොලිස් නිලධාරීන් නිවසට ගොස් ඇති බව රජයේ නීතිඥවරයා එහිදී පැවසුවා.

එහිදී ඇලෝසියස්ගේ නීතිඥවරයා පැවසුවේ අදාළ වාර්තා තවමත් බැංකුවෙන් ලබාදී නොමැති බැවින් එය ලැබූ වහාම කොමිසමට ලබාදෙන බවයි.

ඊට අමතරව අර්ජුන් ඇලෝසියස්ට අයත් මධ්‍යසාර නිෂ්පාදන සමාගමක් වන ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් සහ සමාගමේ තොරතුරු ද හෙට දිනයේදී කොමිසමට ලබාදෙන බව නීතිඥවරයා පැවසුවා.