නිදහස් පක්ෂය හැර යන්නේ නැහැ - හිටපු නියෝජ්‍ය ඇමති අරුන්දික ප්‍රනාන්දු

Tuesday, 12 September 2017 - 15:00

%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B7%8A+%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA+%E0%B7%84%E0%B7%90%E0%B6%BB+%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%9A+%E0%B6%B1%E0%B7%90%E0%B7%84%E0%B7%90+-+%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%85%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%9A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B1%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94
අමාත්‍ය ධුරයෙන් ඉවත් කළ ද තමන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැර නොයන බව හිටපු නියෝජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු පවසනවා.

ජනාධිපතිවරයා විසින් ඔහුව අද නියෝජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉවත් කළ අතර, ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව නියෝජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු අද (12) සිට ධුරයෙන් ඉවත් කළ බවයි.

2015 වසරේ පැවති මහමැතිවරණයෙන් පුත්තලම් දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පැමිණි අරුන්දික ප්‍රනාන්දු ස්වදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දෙනු ලැබුවා.

කෙසේ වෙතත්, දිවුරුම් දීමෙන් පසු ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ එදින ක්‍රිස්තියානි ආගමික කටයුතු හා සංචාරක සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ධුරයේ දිවුරුම් දුන් නිමල් ලන්සා සහ අරුන්දික ප්‍රනාන්දු යන නියෝජ්‍ය අමාත්‍යවරුන්ගේ අමාත්‍යාංශ වෙනස් කළ බවයි.

ඒ අනුව, ඔහු සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානි ආගමික කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස මෙතෙක් කටයුතු කළ අතර, පසුගිය කාලයේ ඔහු ප්‍රකාශ කළේ නිදහස් පක්ෂය නියෝජනය කරන ආණ්ඩුවේ ඇමතිවරුන් පිරිසක් තනතුරුවලින් ඉවත් වීමට තීරණය කළ බවයි.   

ජනාධිපතිවරයා විසින් වත්මන් ආණ්ඩුවේ නිදහස් පක්ෂය නියෝජනය කළ අමාත්‍යවරයෙකු ධුරයෙන් ඉවත් කළ පළමු අවස්ථාව මෙය වනවා.

මීට පෙර එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ අධිකරණ අමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීමට ජනාධිපතිවරයා පියවර ගත්තා.

ඒ එක්සත් ජාතික පක්ෂය කළ ඉල්ලීමකට අනුවයි.

අද දිනයේ ධුරයෙන් ඉවත් කිරීමෙන් අනතුරුව අරුන්දික ප්‍රනාන්දු මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ තම නියෝජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීම පිලිබදව කණගාටු නොවන බවයි.