වෛද්‍ය සභාවේ පෙත්සම ලබන 14 වන දා සලකා බැලේ

Tuesday, 12 September 2017 - 15:01

%E0%B7%80%E0%B7%9B%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%B4%E0%B7%99%E0%B6%AD%E0%B7%8A%E0%B7%83%E0%B6%B8+%E0%B6%BD%E0%B6%B6%E0%B6%B1+14+%E0%B7%80%E0%B6%B1+%E0%B6%AF%E0%B7%8F+%E0%B7%83%E0%B6%BD%E0%B6%9A%E0%B7%8F+%E0%B6%B6%E0%B7%90%E0%B6%BD%E0%B7%9A
මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් අභියාචනාධිකරණය ලබාදුන් තීන්දුවට එරෙහිව ශ්‍රී ලංකා වෛද්‍ය සභාව ගොනු කළ පෙත්සම මේ මස 14 සහ 15 යන දිනවල සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද නියෝග කළා.

ඒ, මෙම පෙත්සම බුවනෙක අලූවිහාරේ, ප්‍රියන්ත ජයවර්ධන සහ නලින් පෙරේරා යන ත්‍රිපුද්ගල විනිසුරුවරුන් හමුවේ කැදවූ අවස්ථාවේදියි.  

මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ සිසුන්ට ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචිය ලබාදිය යුතු බවට පසුගියදා අභියාචනාධිකරණය තීන්දු කර තිබුණා.