සුනඛයින් සහ බලලූන් වෙනුවෙන් ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම නොවැම්බර් 13 වනදා

Tuesday, 12 September 2017 - 15:04

%E0%B7%83%E0%B7%94%E0%B6%B1%E0%B6%9B%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%84+%E0%B6%B6%E0%B6%BD%E0%B6%BD%E0%B7%96%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9C%E0%B7%9C%E0%B6%B1%E0%B7%94%E0%B6%9A%E0%B7%85+%E0%B6%B8%E0%B7%96%E0%B6%BD%E0%B7%92%E0%B6%9A+%E0%B6%85%E0%B6%BA%E0%B7%92%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B7%8F%E0%B7%83%E0%B7%92%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A+%E0%B6%B4%E0%B7%99%E0%B6%AD%E0%B7%8A%E0%B7%83%E0%B6%B8+%E0%B7%83%E0%B6%BD%E0%B6%9A%E0%B7%8F+%E0%B6%B6%E0%B7%90%E0%B6%BD%E0%B7%93%E0%B6%B8+%E0%B6%B1%E0%B7%9C%E0%B7%80%E0%B7%90%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B6%BB%E0%B7%8A+13+%E0%B7%80%E0%B6%B1%E0%B6%AF%E0%B7%8F
සුනඛයින් සහ බලලූන් අමානුෂික ලෙස ඝාතනය කිරීම වැළැක්වීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ඉල්ලා ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සම ලබන නොවැම්බර් මස 13 වනදා සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද තීරණය කළා.

ඒ එම පෙත්සම බුවනෙක අලූවිහාරේ, ප්‍රියන්ත ජයවර්ධන හා නලින් පෙරේරා යන ශ්‍රේෂ්ඨාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ කැදවූ අවස්ථාවේදීයි.

සුනඛයින් සහ බළලූන් අමානුෂික ලෙස ඝාතනය කිරීම වැළැක්වීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙසට පොලිස්පතිවරයා ඇතුළු බලධාරින් වෙත අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමින් මෙම පෙත්සම ගොනුකරනු ලැබුවේ කොළඹ - 06, ධර්ම ශාස්ත්‍රී විහාරස්ථානයේ පූජ්‍ය ආනන්ද හිමියන් ඇතුලූ භික්ෂුන් වහන්සේලා 25 දෙනෙකු සහ සත්ත්ව අයිතීන් සුරැකීමේ සංවිධානය විසින්.

පොලිස්පතිවරයා, ඇතුළු 30 දෙනෙකු එහි වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබෙනවා.