ලාහෝරයේ ආරක්ෂාව දැඩි කෙරේ

Tuesday, 12 September 2017 - 15:07

%E0%B6%BD%E0%B7%8F%E0%B7%84%E0%B7%9D%E0%B6%BB%E0%B6%BA%E0%B7%9A+%E0%B6%86%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%8F%E0%B7%80+%E0%B6%AF%E0%B7%90%E0%B6%A9%E0%B7%92+%E0%B6%9A%E0%B7%99%E0%B6%BB%E0%B7%9A
පාකිස්ථානය සහ ලෝක ක්‍රිකට් කණ්ඩායම අතර අද ආරම්භ වන තරග 3 කින් සමන්විත විස්සයි විස්ස තරගාවලිය හේතුවෙන් ලාහෝර් නුවර ආරක්ෂාව දැඩි කර තිබෙනවා.

2009 වසරේදී ශ්‍රී ලංකා කණ්ඩායමට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු පාකිස්ථානයේ ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලියක් පැවැත්වෙන්නේ වසර 8 කට පසුවයි.

ශ්‍රී ලංකා වේලාවෙන් අද රාත්‍රී 7.30ට පළමු තරගය ලාහෝරයේ ගඩාෆි ක්‍රීඩාංගනයේදී ආරම්භ වන අතර, එහි ආරක්ෂාව සදහා 8000 කට ආසන්න පොලිස් බල ඇණියක් යොදවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

එසේම, ක්‍රීඩකයින් රැඳී සිටින හෝටල් අවට මාර්ග රැසක් ද වසා දමා ඇති බවයි එහි දැක්වෙන්නේ.

මේ අතර තරගාවලියට සහභාගී වන ලෝක ක්‍රිකට් කණ්ඩායම දැඩි ආරක්ෂක රැකවල් මධ්‍යයේ අද ලාහෝර් නුවරට පැමිණියා.

පකිස්ථානය විශ්වාසය පළ කරන්නේ මෙම තරගාවලියෙන් අනතුරුව ජාත්‍යන්තර තරග පැවැත්වීමට පකිස්ථානය සුදුසු බවට තහවුරු වනු ඇති බවයි.

ජාත්‍යන්තරයෙන් කොන්වී සිටි කාලය අවසන් වනු ඇතැයි ද පකිස්ථාන බලධාරීන් විශ්වාසය පළ කරනවා.

ලෝක සංචිතයට ඩේවිඩ් මිලර් / මෝනේ මෝකල් / ටිම් පේන් / තිසර පෙරේරා / ඉම්රාන් තහීර් / ඩැරන් සැමී / හසීම් අම්ලා / ග්‍රාන්ට් එලියට් / සැමුවෙල් බද්රී / ජෝර්ජ් බේලි / තමින් ඉක්බාල් / පෝල් කොලින්වුඩ් / බෙන් කටින්ග් සහ නායක පෆ් ඩු ප්ලෙසි ඇතුලත්.