මුරලිගේ පියාගෙන් මල්වතු මහ නාහිමියන්ට පැමිණිල්ලක්

Tuesday, 12 September 2017 - 16:28

%E0%B6%B8%E0%B7%94%E0%B6%BB%E0%B6%BD%E0%B7%92%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B6%BD%E0%B7%8A%E0%B7%80%E0%B6%AD%E0%B7%94+%E0%B6%B8%E0%B7%84+%E0%B6%B1%E0%B7%8F%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%B4%E0%B7%90%E0%B6%B8%E0%B7%92%E0%B6%AB%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A
මහනුවර- පල්ලෙකැලේ අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගනයට යොදා තිබූ මුත්තයියා මුරලිදරන් නාමය ඉවත් කර ඇතැයි මුරලිගේ පියා වන සින්නයියා මුත්තයියා ප්‍රකාශ කරනවා.

ඔහු මේ බව කියා සිටියේ මල්වතු මහා නා හිමියන් අද(12) බැහැ දැකීමට පැමිණි අවස්ථාවේදී.

මීට පෙර මෙම ක්‍රීඩාංගනය සිය පුතා වන ශ්‍රී ලංකාව බිහි කළ සුපිරි දඟ පන්දු යවන්නා වන මුත්තයියා මුරලිදරන් ක්‍රීඩාංගනය ලෙස නම් කර තිබු බව පැවසු සින්නයියා මුත්තයියා ප්‍රකාශ කරනවා.

එහෙත් කවුරුන් හෝ නම ඉවත් කර ඇති බවයි ඔහු කියා සිටියේ.