ඉන්දීය ධීවරයින් 12 දෙනෙකු අත්අඩංගුවට

Tuesday, 12 September 2017 - 16:50

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%93%E0%B6%BA+%E0%B6%B0%E0%B7%93%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+12+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
මෙරට මුහුදු සීමාවේ නීතිවිරෝධී අයුරින් ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් 12 දෙනෙකු නාවික හමුදාව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

උතුරු මුහුදේ කච්චතිව් දුපතට නාවික සැතපුම් දෙකක් පමණ දුරින් මෙම ධීවරයින් පිරිස ඊයේ අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

ඔවුන් සමඟ ට්‍රෝලර් යාත්‍රා දෙකක්ද නාවික හමුදාව භාරයට ගෙන තිබෙනවා.

සැකකරුවන් සහ නාවික හමුදා භාරයට ගත් උපකරණ ඉදිරි නීතිමය කටයුතු සඳහා යාපනය සහකාර ධීවර අධ්‍යක්ෂක වෙත භාරදී ඇති බවයි නාවික හමුදාව සඳහන් කළේ.