වාහන 5000 කින් කොළඹ වට කරන්න රජයේ වෛද්‍යවරුන් සැරසේ

Tuesday, 12 September 2017 - 19:21

%E0%B7%80%E0%B7%8F%E0%B7%84%E0%B6%B1+5000+%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B7%85%E0%B6%B9+%E0%B7%80%E0%B6%A7+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%BB%E0%B6%A2%E0%B6%BA%E0%B7%9A+%E0%B7%80%E0%B7%9B%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%90%E0%B6%BB%E0%B7%83%E0%B7%9A
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය දිස්ත්‍රික්ක 09 ක ක්‍රියාත්මක කළ වැඩවර්ජනය හේතුවෙන් අද රෝහල් කටයුතුවලට බාධා එල්ල වුණා.

අද (12) සිට ලබන 15 වනදා දක්වා මෙම වැඩවර්ජනය දිස්ත්‍රික්ක වශයෙන් ක්‍රියාත්මක වන්නේ මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් පැන නැගී ඇති ගැටලූකාරී තත්ත්වය විසඳීමට පත්කළ කමිටුවේ ස්ථාවරයන්ට විරෝධය පළ කරමින්.

යාපනය, කිලිනොච්චිය, මන්නාරම, මුලතිව්, ත්‍රිකුණාමලය, මඩකලපුව, පොලොන්නරුව, හම්බන්තොට සහ නුවරඑලිය යන දිස්ත්‍රික්කවල අද මෙම වැඩවර්ජනය ක්‍රියාත්මක වුණා.

එය හෙට දිනයේදී වව්නියාව, මාතලේ, අම්පාර, බදුල්ල, මොණරාගල සහ මාතර යන දිස්ත්‍රික්කවල ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

මේ අතර, ලබන සිකුරාදා රථ වාහන 5000 කට රථ පෙලපාලියකින් කොළඹ නගරය ආක්‍රමණය කිරීමට සූදානම් බවයි කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලූත්ගේ කියා සිටියේ.

කෙසේ වෙතත්, මෙම වැඩවර්ජනය අසාධාරණ වැඩවර්ජනයක් බවට රජයේ ශ්‍රේණිගත වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය චෝදනා කරනවා.

මේ අතර, සයිටම් ගැටලූව විසඳීම පත්කළ කමිටුවේ ඊයේ පස්වරුවේ ජනාධිපතිවරයාට භාරදුන් එම කමිටුවේ ප්‍රධානී නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා ප්‍රකාශ කළා.

කෙසේ වෙතත්, කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ කියා සිටියේ අදාළ කමිටු වාර්තාවේ සඳහන් කරුණු මෙතෙක් ප්‍රසිද්ධියට පත්කර නොමැති බවයි.