ජාත්‍යන්තරයට යෑමෙන් ඵලක් නැතැයි විග්නේෂ්වරන් කියයි

Tuesday, 12 September 2017 - 19:53

%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BB%E0%B6%BA%E0%B6%A7+%E0%B6%BA%E0%B7%91%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B5%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B7%90%E0%B6%AD%E0%B7%90%E0%B6%BA%E0%B7%92+%E0%B7%80%E0%B7%92%E0%B6%9C%E0%B7%8A%E0%B6%B1%E0%B7%9A%E0%B7%82%E0%B7%8A%E0%B7%80%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
එල්.ටී.ටී.ඊ රැදවියන්ගේ ප්‍රශ්නය ජාත්‍යන්තරයට රැගෙන යාමට සූදානම් නොමැති බව උතුරු පළාත් මහඇමති සී.වී.විග්නේෂ්වරන් ප්‍රකාශ කළා.

හිරු ප්‍රවෘත්ති අංශය සමග සාකච්ඡාවකට එක්වෙමින් ඔහු කියා සිටියේ මෙම ගැටලූව ජනාධිපතිවරයා සමග සාකච්ඡා කර විසඳා ගැනීමට අපේක්ෂා කරන බවයි.

පල්ලෙකැලේ බන්ධනාගාරයේ සිටින එල්.ටී.ටී.ඊ රැදවියන් මුණ ගැසීමට ගොස් ඔවුන් සමග සිදුකළ සාකච්ඡා  පිලිබදව මෙහිදී ප්‍රශ්න කෙරුණා.

පළාත් සභා වෙත ඉදිරිපත් කර ඇති 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට සංශෝධන එක්කළ හොත් එය උතුරු පළාත් සභාවේදී සම්මත කිරීම කෙරෙහි අවධානය යොමුකරන බවයි මහඇමතිවරයා කියා සිටියේ.