Update - අර්ජුන් ඇලෝසියස් බැදුම්කර කොමිසමට පැමිණේ

Wednesday, 13 September 2017 - 7:53

Update+-+%E0%B6%85%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%87%E0%B6%BD%E0%B7%9D%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%83%E0%B7%8A+%E0%B6%B6%E0%B7%90%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%9A%E0%B6%BB+%E0%B6%9A%E0%B7%9C%E0%B6%B8%E0%B7%92%E0%B7%83%E0%B6%B8%E0%B6%A7+%E0%B6%B4%E0%B7%90%E0%B6%B8%E0%B7%92%E0%B6%AB%E0%B7%9A
පර්පචුවෙල් ටෙ‍්‍රෂරීස් සමාගමේ හිමිකරු වන අර්ජුන් ඇලෝසියස් ප්‍රශ්ණගත බැදුම්කර සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශණ සිදු කරන ජනාධිපති කොමිසම වෙත අද උදෑසන පැමිණියා.

සාක්ෂි ලබාගැනීම සඳහා එම කොමිසම කළ කැදවීමකටයි අනුවයි ඔහු මෙලෙස කොමිසමට පැමිණ ඇත්තේ.

Update :- Wednesday, September 13, 2017 9.54 Am
-----------------------------------------------------------------------

පර්පචුවෙල් ටෙ‍්‍රෂරීස් සමාගමේ හිමිකරු වන අර්ජුන් ඇලෝසියස් අද ප්‍රශ්නගත බැඳුම්කර සිද්ධිය පිළිබද විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදීම සදහා පෙනී සිටීමට නියමිතයි.

ඊට අදාළව කොමිසම පෙරේදා සිතාසි නිකුත් කළා.

මෙම නියෝගය ලබාදීම වැළැක්වීමට ඔහු වෙනුවෙන් පෙනී සිටින නීතිඥ කණ්ඩායම ප්‍රබල උත්සාහයක් ගත්ත ද එය සාර්ථක වූයේ නැහැ.

මීට පෙර අර්ජුන් ඇලෝසියස්ගෙන් කොමිසමේ විමර්ශන අංශය වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරින් දින 05ක් ප්‍රශ්න කර තිබුණා.

මේ අතර, සාක්ෂිකරුවෙකු ලෙස බැඳුම්කර කොමිසම හමුවට පැමිණෙන ලෙස සිතාසි ලැබූ පර්පෙචුවෙල් ටෙ‍්‍රෂරීස් හිමිකරු අර්ජුන් ඇලෝසියස් රටින් පිටව ගොස් ඇති බවට ආරංචි ඇතැයි, රජයේ නීතිඥයින් ඊයේ බැඳුම්කර කොමිසමට දැනුම් දුන්නා.

වැඩබලන සොලිසිටර් ජනරාල්, ජනාධිපති නීතිඥ දප්පුල ද ලිවේරා කොමිසමට පැවසුවේ ඔහු රටින් පිටව ගොස් ඇති බවට තහවුරු නොකළ ආරංචි මාර්ග ප්‍රකාශ කර ඇති බවයි.

එය ප්‍රතික්ෂේප කළ අර්ජුන් ඇලෝසියස්ගේ නීතිඥවරයා, ඔහු අද කොමිසම හමුවේ පෙනී සිටින බව සදහන් කළා.

එසේම පොලිස් නිලධාරීන් කණ්ඩායමක් ඊයේ ඔහුගේ නිවසට ගොස් බැංකු ගිණුම් වාර්තා කොමිසමට ලබාදෙන ලෙසට අර්ජුන් ඇලෝසියස්ට දැනුම් දී තිබුණේ ඔහු ඒවා ලබාදීමට අපොහොසත්වීම හේතුවෙන්.