සියලු විදුලි සේවකයන්ගේ නිවාඩු අවලංගුයි

Wednesday, 13 September 2017 - 9:29

%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B6%BD%E0%B7%94+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B6%BD%E0%B7%92+%E0%B7%83%E0%B7%9A%E0%B7%80%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%8F%E0%B6%A9%E0%B7%94+%E0%B6%85%E0%B7%80%E0%B6%BD%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B6%BA%E0%B7%92
සේවා අවශ්‍යතා මත අද සිට එළඹෙන 20 වනදා දක්වා සියලු විදුලි සේවකයන්ගේ නිවාඩු අවලංගු කර තිබෙනවා.

ලංකා විදුලිබල මණ්ඩලය නිවේදනයක් නිකුත්කරමින් මේ බව සඳහන් කර තිබෙනවා.

මේ අතර අද දහවල් 12 සිට පැය 48ක වර්ජනයක් ක්‍රියාත්මක කරන බව ලංකා විදුලිබල සේවක සංගමය පැවසුවා.

එහි කැඳවුම්කරු රන්ජන් ජයලාල් මේ බව කියා සිටියේ කොළඹ ඊයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.

ඒ සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධනගෙන් විමසීමක් කළා.

එහිදී ඔහු කියා සිටියේ මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය සාධාරණ නොවන බවයි.