කුකුළේගඟ ජලාශයේ වාන් දොරටුවක් යළි විවෘත කෙරේ

Wednesday, 13 September 2017 - 9:29

%E0%B6%9A%E0%B7%94%E0%B6%9A%E0%B7%94%E0%B7%85%E0%B7%9A%E0%B6%9C%E0%B6%9F+%E0%B6%A2%E0%B6%BD%E0%B7%8F%E0%B7%81%E0%B6%BA%E0%B7%9A+%E0%B7%80%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%9C%E0%B6%BB%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B7%80%E0%B7%92%E0%B7%80%E0%B7%98%E0%B6%AD+%E0%B6%9A%E0%B7%99%E0%B6%BB%E0%B7%9A
ඊයේ ඇද හැලුණු අධික වර්ෂාපතනය හේතුවෙන් කුකුළේගඟ ජලාශයේ එක් වාන් දොරටුවක් යළි විවෘත කර තිබෙනවා.

ඒ අනුව බුලත්සිංහල, අගලවත්ත, ඉංගිරිය සහ එම අවට පහත්බිම්වල ජීවත් වන ජනතාව මේ පිළිබද විමසිල්ලෙන් සිටින ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්‍ෂ ප්‍රදීප් කොඩිප්පිලි සඳහන් කළේ.

මේ අතර, අද දිනයේත් දිවයිනේ බොහෝ පළාත්වලට සවස 2න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ.