ශ්‍රී ලංකාව තුළ දරුවන්ගෙන් 19 % ක් අන්තර්ජාලයට ඇවිත් කරන දේ (ඡායාරූප)

Wednesday, 13 September 2017 - 10:18

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80+%E0%B6%AD%E0%B7%94%E0%B7%85+%E0%B6%AF%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+19+%25+%E0%B6%9A%E0%B7%8A++%E0%B6%85%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B7%8F%E0%B6%BD%E0%B6%BA%E0%B6%A7+%E0%B6%87%E0%B7%80%E0%B7%92%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1+%E0%B6%AF%E0%B7%9A+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
ශ්‍රී ලංකාව තුළ වයස අවුරුදු 10-17 අතර පසුවන දරුවන්ගෙන් 19 % ක් අන්තර්ජාලයට පිවිසෙන්නේ ලිංගික දර්ශන නැරඹීමට බව මේ වනවිට අනාවරණ වී තිබෙනවා.

ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විසින් සංවිධානය කළ අන්තජාල සුරක්ෂිතතාව පිළිබඳව දිස්ත්‍රික් ළමා සංවර්ධන කමිටු නිලධාරීන් දැනුවත් කිරිමේ වැඩසටහන් මාලාවේ ගාල්ලේ පැවති වැඩසටහනකදීයි මේ බව අනාවරණ වී ඇත්තේ.

එම වැඩසටහනට එක්වූ ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ ස්ථාන භාර විමර්ශන නිලධාරී, චම්පිය කේ අයගම මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේ අවුරුදු 10-17ක් වයසේ පසුවන දරුවන්ගෙන් 19%ක් අන්තර්ජාල භවිතා කරනුයේ ලිංගික දර්ශන නැරඹීමට බවයි.

මේ අතර කුරුණෑගල, මහනුවර, රත්නපුරය,කොළඹ, ගම්පහ,කළුතර, මීගමුව යන ප්‍රදේශයන්හි අන්තර්ජාල අපයෝජන සක්‍රිය කලාප ලෙස හදුනාගෙන ඇති බවත් ඔහු එහිදී වැඩිදුරටත් සඳහන් කළා.


එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ ස්ථාන භාර විමර්ශන නිලධාරී, චම්පිය කේ අයගම මහතා

අන්තර්ජාලය නිසා දරුවන් විනාශයට පත්වනවා. මේ සම්බන්ධයෙන් දෙමාපියන් වැඩිඅවදානයක් යොමුකළ යුතුයි. කායික මානසික අපයෝජනය වශයන් බෙදිය හැකිය.ලිංගික ආදි වශයෙන් බෙදිමක් කළ හැකියි.ළමා අපයෝජනය වෙනදාට වඩා අමුතුම  ආකාරයට සිදු වෙනවා.ළමා අපයෝජනය අවුල් වෙන්නේ නිසි පරිදි මේ හා සම්බන්ධ වු රාජ්‍ය ආයතන සම්බන්ධයක් නොමැති වීම,නිසි පරිදි සිදු නොකිරිමය. මිනිසා පරිසරයෙන් පරිසරය වෙනස් වන විට වෙනස් වෙනවා.තාක්ෂණය වෙනස් සුභවාදි ආකාරයට සකස් කරගෙන යා යුතුව තියනවා ඒයයි අප කළ යුතුයි.චැට් රූම් දැන් ලංකාවේ ගම්මානවල ද වැඩිවෙලා තියනවා.මෙය ද සයිබර් ගණිකා ව්‍යාපාර, හා සූදු ද දැකිය හැකිය. මේයින් ආරක්ෂා වන්නට පියවර ගත යුතුයි.

මෙහි දී අදහස් දැක් වූ ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභපතිනි නීතිඥ මරිනිද ලිවේරා මහත්මිය

නව තාක්ෂණය වේගයෙන් ඉදිරියට ඇදෙන විට නීතිය ගොඩක් පිටුපසින්, ඒ අභියෝගය අපිටත් තබෙනව.මාධ්‍ය නිදහසත් සමගින් නව මාධ්‍යය නිදහස සීමා කරන්න නොහැකි.  එහෙම නම් අපිට සිදු වෙනව අන්තර්ජාලය මගින් සිදුවන අපරාධ අපයෝජන ගැන ප්‍රජාව දැන්වත් කරන්න.මුළු ප්‍රජාවම බල ගැන්විය යුතුයි.ජාලගතව මෙම ප්‍රශ්නයට මුහුණ දිය යුතුයි.


 (ඡායාරූප - නිමල් අල්ගෙවත්ත )