ක්‍රීඩා ඇමතිකමට දකුණෙන්, හදිසියේම අලුත් මුහුණක් (ඡායාරූප)

Wednesday, 13 September 2017 - 12:37

%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B6%A9%E0%B7%8F+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92%E0%B6%9A%E0%B6%B8%E0%B6%A7+%E0%B6%AF%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%2C+%E0%B7%84%E0%B6%AF%E0%B7%92%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%9A%E0%B6%B8+%E0%B6%85%E0%B6%BD%E0%B7%94%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B8%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%AB%E0%B6%9A%E0%B7%8A+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
දකුණු පළාත් ක්‍රීඩා අමාත්‍ය වීරසුමන වීරසිංහ එම ධූරයෙන් ඉවත් කර තිබෙනවා.

වීරසුමන වීරසිංහට, ක්‍රීඩා විෂයයට අමතරව යෞවන කටයුතු හා ග්‍රාම සංවර්ධන යන විෂයයන් ද පවරා තිබුනා.

මේ අනුව අදාළ විෂයයන් දකුණු පළාත් මහ ඇමැති ශාන් විජයලාල් ද සිල්වා ට පැවරීමටයි  දකුණු පළාත් ආණ්ඩුකාර හේමකුමාර නානායක්කාර අද(13) කටයුතු කළේ.

අදාළ විෂයයන් සහිත අමාත්‍ය ධුරයේ මහ ඇමැතිවරයා ආණ්ඩුකාරවරයා අද(13) ඉදිරියේ දිවුරුම් දුන්නා.

පසුගියදා පළාත් සභාවට ඉදිරිපත් කරන ලද 20වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතට විරුද්ධව වීරසුමන වීරසිංහ ඡන්දය භාවිතා කළා.





 (ඡායාරූප - නිමල් අල්ගෙවත්ත )