අතුරුදන්වූවන්ගේ කාර්යාලය අනිද්දා සිට බලාත්මකයි

Wednesday, 13 September 2017 - 12:56

%E0%B6%85%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%AF%E0%B6%B1%E0%B7%8A%E0%B7%80%E0%B7%96%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BA%E0%B7%8F%E0%B6%BD%E0%B6%BA+%E0%B6%85%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E0%B6%AF%E0%B7%8F+%E0%B7%83%E0%B7%92%E0%B6%A7+%E0%B6%B6%E0%B6%BD%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E0%B6%B8%E0%B6%9A%E0%B6%BA%E0%B7%92
අතුරුදන්වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය ක්‍රියාත්මක කිරීමේ ගැසට් නිවේදනයට ජනාධිපතිවරයා අත්සන් තැබීමෙන් පසු එම කාර්යාලය ජනාධිපතිවරයා යටතේ පවතින ජාතික ඒකාබද්ධතා හා ප්‍රතිසන්ධාන අමාත්‍යාංශය යටතේ ස්ථාපිත කරනු ඇතැයි අමාත්‍ය මනෝ ගනේෂන් පවසනවා.

මෙම කාර්යාලය අනිද්දා සිට ක්‍රියාත්මක වන අතර, පෙරේදා ආරම්භ වූ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ 36 වන සැසිවාරය අමතමින් ජගත් මානව හිමිකම් කොමසාරිස් සෙයිද් රාද් අල් හුසේන් කුමරු කියා සිටියේ අතුරුදන්වුවන් පිළිබද කාර්යාලය කඩිනමින් ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා ලෙසයි.

මේ අතර, එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 72 වන සැසි වාරයට සහභාගිවීම සදහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ලබන 17 වනදා දිවයිනෙන් පිටත්ව යාමට නියමිතයි.

මෙවර ජගත් සංවිධාන මහා මණ්ඩල සැසි වාරයේ විවාද සැසිය සැප්තැම්බර් 19 වන දා ආරම්භ වන අතර, එදින ජනාධිපතිවරයා සැසිවාරය ඇමතීමට නියමිත බවයි විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ.