දුම්රියේ වාහනයක් ගැටී අයෙක් මරුට - 2 කට තුවාල

Wednesday, 13 September 2017 - 13:18

%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B7%80%E0%B7%8F%E0%B7%84%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B7%93+%E0%B6%85%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7+-+2+%E0%B6%9A%E0%B6%A7+%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%8F%E0%B6%BD
කඳාන - හුණුපෝරණුව හරස් මාර්ගයේදී මෝටර් රථයක් දුම්රියේ ගැටී අද (13) සිදුවූ අනතුරින් පුද්ගලයෙකු මිය ගොස් තවත් දෙදෙනෙකු තුවාල ලබා රාගම රෝහලට ඇතුළත් කර තිබෙනවා.

පෙරවරු 7.30ට පමණ අනාරක්ෂිත ලෙස මෙම මෝටර් රථය දුම්රිය හරස් මාර්ගය ඔස්සේ ධාවනය කිරීමට උත්සාහ කිරීමේදී ප්‍රධාන මාර්ගයේ පුත්තලම සිට ගල්කිස්ස බලා ධාවනය වු දුම්රියේ ගැටී අනතුරුව අසළ තිබු ත්‍රීරෝද රථයකද ගැටිමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

සිද්ධිය වන අවස්ථාවේදී මෝටර් රථය මීගමුවේ සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබු අතර අනතුරින් එහි පිටුපස ගමන් කළ 60 හැවිරිදි පුද්ගලයා එම ස්ථානයේදීම ජිවිතක්ෂයට පත් වුණා.

අනතුරින් තුවාල ලැබු 35 හැවිරිදි මෝටර් රථයේ රියදුරු සහ 40 හැවිරිදි ත්‍රිරෝද රථයේ රියදුරා රාගම රෝහලට ඇතුලත් කෙරුණා.

ඔවුන්ගේ තත්වය බරපතල නොවන බවයි රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේ.

එමෙන්ම මේ වසරේ ගෙවුණු කාල සිමාව තුළ අනාරක්ෂිත ලෙස දුම්රිය හරස් මාර්ගයන්හී අනතුරු 44 ක් සිදු වී ඇති අතර දුම්රියේ ගැටිමෙන් පුද්ගලයින් 375 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බවයි දුම්රිය ආරක්ෂක අංශය ප්‍රකාශ කළේ.

මේ අතර හැටන් - නුවරඑලිය මාර්ගයේ ලිඳුල - බෙයාවිල් ප්‍රදේශයේදී ඊයේ පස්වරුවේ සිදුවු රිය අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් තිදෙනෙකු තුවාල ලබා නුවරඑළිය රෝහලට ඇතුළත් කර තිබෙනවා.

තුවාල ලැබුවන්ගේ තත්වය බරපතල නොවන අතර ඉන් එක් අයෙකු ප්‍රතිකාර ලබා රෝහලෙන් පිටව ගිය බවයි රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේ.

තලවකැලේ සිට නුවරඑළියට ධාවනය වූ විදේශකයින් රැගත් පෞද්ගලික බස් රථයක ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි ත්‍රීරෝද රථයක් ගැටී මෙම අනතුර සිදු වුණා.

අනතුරින් ත්‍රීරෝද රථයේ ගමන් කළ රියදුරා සහ පිටුපස ගමන් කළ එක් අයෙකු ජිවිතක්ෂයට පත් වු අතර ඔවුන් ලිඳුල ප්‍රදේශයේ පදිංචිකරුවන්.

අපරික්ෂාකාරි ලෙස රිය ධාවනය සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.