සාක්ෂි දෙන්න ඇලෝසියස්ට බලකරන්න බැහැ, මහේන්ද්‍රන් සාක්ෂියට කැඳවයි

Wednesday, 13 September 2017 - 13:20

%E0%B7%83%E0%B7%8F%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%92+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%87%E0%B6%BD%E0%B7%9D%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%83%E0%B7%8A%E0%B6%A7+%E0%B6%B6%E0%B6%BD%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%B6%E0%B7%90%E0%B7%84%E0%B7%90%2C+%E0%B6%B8%E0%B7%84%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%8F%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B6%9A%E0%B7%90%E0%B6%B3%E0%B7%80%E0%B6%BA%E0%B7%92
අර්ජුන් ඇලෝසියස් මහ බැංකු බැඳුම්කර සිද්ධියේ වැරදිකරුවෙකු ලෙස හැඟවෙන බැවින්, ඔහුව සාක්ෂි කූඩුවට නංවා ප්‍රශ්න කළ නොහැකි බව ඒ සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිසම අද තීන්දු කළා.

ඒ තමන්ව සාක්ෂි කූඩුවට නැංවීමට නෛතික බලයක් නොමැති බවට අර්ජුන් ඇලෝසියස් ප්‍රකාශ කිරීම හේතුවෙන්.

බැඳුම්කර නිකුතුව සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිෂන් සභාව ඒ සම්බන්ධයෙන් පිටු 9 කින් යුත් තීන්දුවක් ප්‍රකාශයට පත් කළා.

එහිදී ප්‍රශ්ණගත බැඳුම්කර නිකුතුවලට ඉතා විශාල මුදලක් ලන්සු තැබීම, ඊට පෙර මහ බැංකුවේ අභ්‍යන්තර රහසිගත තොරතුරු ලැබුණු බවට දුරකථන සංවාද මගින් ප්‍රකාශවීම, හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් සමග තිබූ ඥාති සම්බන්ධය සහ මෙන්ම නිලධාරීන් සමග තිබූ සම්බන්ධය යන කරුණු පිළිබඳව අර්ජුන් ඇලෝසියස්ගෙන් සාක්ෂි විමසීමට හා කරුණු දැක්වීමට අවස්ථාව සළසා දීම සිය අවශ්‍යතාව වී තිබූ බව කොමිසම එහිදී සඳහන් කළා.

එමෙන්ම පර්පෙචුවෙල් ටෙ‍්‍රෂරීස් සමාගම සහ සේවක අර්ථසාධක අරමුදල අතර ගණුදෙණුවට මැදිහත් වූ පෞද්ගලික බැංකුවේ ප්‍රධානියෙකුගේ සාක්ෂිය අතරතුරදී ඔහුට දුරකථන ඇමතුම් ලබාදීම සහ එවකට මුදල් අමාත්‍යවරයාව සිටි රවී කරුණානායක පදිංචිව සිටි සුඛෝපභෝගී මහල් නිවසේ කුලිය ගෙවීම ආදී කරුණු පිළිබඳව ද එහිදී අවධානය යොමුවූ බවයි කොමිසම ප්‍රකාශ කර ඇත්තේ.

මේ හේතූන් නිසා අර්ජුන් ඇලෝසියස් අද සාක්ෂි කූඩුවට කැඳවූවත් ඔහු වෙනුවෙන් පෙනී සිටින නීතීඥවරයා එය අභියෝගයට ලක් කළ බව තීන්දුවේ සඳහන්.