හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහට ඇප

Wednesday, 13 September 2017 - 13:48

%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%A2%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%99%E0%B7%82%E0%B7%8A%E0%B6%A8+%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%BD%E0%B6%BD%E0%B7%92%E0%B6%AD%E0%B7%8A+%E0%B6%A2%E0%B6%BA%E0%B7%83%E0%B7%92%E0%B6%82%E0%B7%84%E0%B6%A7+%E0%B6%87%E0%B6%B4
විද්‍යා ඝාතන සිද්ධියේ ප්‍රධාන සැකකරුට රැකවරණය ලබාදීමේ චෝදනා මත අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ දැඩි ඇප කොන්දේසි මත මුදා හැර තිබෙනවා.

සැකකරු අද කයිට්ස් මහේස්ත්‍රාත් ඒ.එම්.එම්. රියාස් හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදී මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ රුපියල් ලක්ෂ 3ක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප 4 ක් මත මොහුව මුදා හරින ලෙසයි.

එසේම, විදෙස් ගතවීම තහනම් කළ මහේස්ත්‍රාත්වරයා සැකකරුට සෑම මසකම අවසන් සදුදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටින ලෙසට ද නියෝග කළා.