ලලිත් වීරතුංග සහ අනූෂ පැල්පිටගේ ඇප අයදුම්පත් සලකා බැලීම හෙට

Wednesday, 13 September 2017 - 14:10

%E0%B6%BD%E0%B6%BD%E0%B7%92%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B7%93%E0%B6%BB%E0%B6%AD%E0%B7%94%E0%B6%82%E0%B6%9C+%E0%B7%83%E0%B7%84+%E0%B6%85%E0%B6%B1%E0%B7%96%E0%B7%82+%E0%B6%B4%E0%B7%90%E0%B6%BD%E0%B7%8A%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B6%9C%E0%B7%9A+%E0%B6%87%E0%B6%B4+%E0%B6%85%E0%B6%BA%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B6%BD%E0%B6%9A%E0%B7%8F+%E0%B6%B6%E0%B7%90%E0%B6%BD%E0%B7%93%E0%B6%B8+%E0%B7%84%E0%B7%99%E0%B6%A7
රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංගට සහ අනූෂ පැල්පිටට ඇප ලබාගැනීම සදහා කළ ඉල්ලීම හෙට කොළඹ මහාධිකරණයේදී සලකා බැලීමට නියමිතයි.

නඩු තීන්දුව ලබාදුන් කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග හමුවේ එය සලකා බැලීමට නියමිත බව හිරු අධිකරණ වාර්තාකරු සඳහන් කළා.

මහාධිකරණ තීන්දුව බල රහිත කරන ලෙස ඉල්ලමින් ඔවුන්ගේ නීතිඥවරුන් ඊට එරෙහිව අභියාචනාධිකරණය හමුවේ පෙත්සමක්ද ගොනුකළ අතර, එය සළකා බලනතුරු වගඋත්තරකරුවන්ට ඇප ලබාදෙන ලෙස මහාධිකරණයෙන් ඉල්ලා ඇත්තේ.

විදුලි සංදේශ නියාමන කොමිසමේ කෝටි 60ක මුදලක් වැය කර  පසුගිය ජනාධිපතිවරණ සමයේදී සිල් රෙදි බෙදා දීමේ චෝදනාවන්ට හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග සහ විදුලි සංදේශ නියාමන කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් අනූෂ පැල්පිට වැරදිකරුවන් කරමින් කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග පසුගිය දා තීන්දුවක් ලබා දුන්නා.

ලලිත් වීරතුංගට හා අනූෂ පැල්පිටට කොළඹ මහාධිකරණයෙන් බරපතල වැඩ සහිත වසර 03 බැගින් වූ සිරදඩුවම්,රුපියල් ලක්ෂ 20 බැගින් දඩ,රුපියල් මිලියන 50 බැගින් විදුලි සංදේශ නියාමන කොමිසමට වන්දි ගෙවන ලෙසටයි නියෝග කළේ.

මේ අතර ඔවුන් දෙදෙනාගේ සුවදුක් විමසීම සඳහා අද පිවිතුරු හෙළ උරුමයේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රි උදය ගම්මන්පිල වැලිකඩ බන්ධනාගාරයට ගොස් තිබුණා.