බස්නාහිර පළාත් සභාවේ තනතුරු වෙනසක්

Wednesday, 13 September 2017 - 15:12

%E0%B6%B6%E0%B7%83%E0%B7%8A%E0%B6%B1%E0%B7%8F%E0%B7%84%E0%B7%92%E0%B6%BB+%E0%B6%B4%E0%B7%85%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%AD%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%83%E0%B6%9A%E0%B7%8A
බස්නාහිර පළාත් සභාවේ ආණ්ඩු පක්ෂ සංවිධායක ගුණසිරි ජයනාත් සහ සභානායක සුනිල් ජයමිණි එම තනතුරුවලින් ඉවත්කර තිබෙනවා.

ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ නව සංවිධායක ලෙස චන්දන ජයකොඩිත්, නව සභානායක ලෙස හෙක්ටර් බෙත්මගේත් පත්කර ඇති බවයි.

මේ අතර දකුණු පළාත් ක්‍රීඩා, යෞවන කටයුතු හා ග්‍රාම සංවර්ධන අමාත්‍ය  වීරසුමන වීරසිංහ ද එම ධූරයෙන් ඉවත් කර අදාළ විෂයයන් දකුණු පළාත් මහ ඇමැති ශාන් විජයලාල් ද සිල්වා ට පැවරීමට දකුණු පළාත් ආණ්ඩුකාර හේමකුමාර නානායක්කාර අද (13) පියවර ගනු ලැබුවා.

අදාළ විෂයයන් සහිත අමාත්‍ය ධුරයේ මහ ඇමැතිවරයා ආණ්ඩුකාරවරයා අද (13) ඉදිරියේ දිවුරුම් දුන්නා.

පසුගියදා පළාත් සභාවට ඉදිරිපත් කරන ලද 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතට විරුද්ධව වීරසුමන වීරසිංහ ඡන්දය භාවිතා කළා.

මේ අතර ජනාධිපතිවරයා විසින් ඊයේ නියෝජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු එම ධුරයෙන් ඊයේ ඉවත් කෙරුනා.

ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව නියෝජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු ධුරයෙන් ඉවත් කළ බවයි.

2015 වසරේ පැවති මහමැතිවරණයෙන් පුත්තලම් දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පැමිණි අරුන්දික ප්‍රනාන්දු ස්වදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දෙනු ලැබුවා.

කෙසේ වෙතත්, දිවුරුම් දීමෙන් පසු ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ එදින ක්‍රිස්තියානි ආගමික කටයුතු හා සංචාරක සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ධුරයේ දිවුරුම් දුන් නිමල් ලන්සා සහ අරුන්දික ප්‍රනාන්දු යන නියෝජ්‍ය අමාත්‍යවරුන්ගේ අමාත්‍යාංශ වෙනස් කළ බවයි.

ඒ අනුව, ඔහු සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානි ආගමික කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස මෙතෙක් කටයුතු කළ අතර, පසුගිය කාලයේ ඔහු ප්‍රකාශ කළේ නිදහස් පක්ෂය නියෝජනය කරන ආණ්ඩුවේ ඇමතිවරුන් පිරිසක් තනතුරුවලින් ඉවත් වීමට තීරණය කළ බවයි.   

ජනාධිපතිවරයා විසින් වත්මන් ආණ්ඩුවේ නිදහස් පක්ෂය නියෝජනය කළ අමාත්‍යවරයෙකු ධුරයෙන් ඉවත් කළ පළමු අවස්ථාව මෙය වනවා.

මීට පෙර එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ අධිකරණ අමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීමට ජනාධිපතිවරයා පියවර ගත්තා.

ඒ එක්සත් ජාතික පක්ෂය කළ ඉල්ලීමකට අනුවයි.

මේ අතර නියෝජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු ධුරයෙන් ඉවත් කිරීම සහ පක්ෂය ඉදිරියට ගනු ලබන විනය ක්‍රියාමාර්ග පිළිබඳ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් අමාත්‍ය දුමින්ද දිසානායක අද මහනුවරදී මාධ්‍ය වෙත අදහස් පළ කළා.