ජනපති එක්වූ උත්සවයකට අරුන්දිකත් එයි

Wednesday, 13 September 2017 - 19:16

%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%91%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%96+%E0%B6%8B%E0%B6%AD%E0%B7%8A%E0%B7%83%E0%B7%80%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B6%85%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%9A%E0%B6%AD%E0%B7%8A+%E0%B6%91%E0%B6%BA%E0%B7%92
ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීමේ අධිකාරිය යටතේ පවතින ඔරුගොඩවත්ත මෝටර් රථ ඉංජිනේරු අභ්‍යාස ආයතනයේ නව ගොඩනැගිල්ල ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් අද විවෘත කෙරුණා.

ජපන් සහයෝගීතා ණය ආධාර යටතේ රුපියල් මිලියන 1540 ක් වැය කරමින් මෙම ගොඩනැගිල්ල ඉදිකර තිබෙනවා.

එම අවස්ථාවට සංචාරක හා ක්‍රිස්තියානි ආගමික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඊයේ ඉවත් කරනු ලැබූ පාර්ලිමේන්තු මන්ත්‍රී අරුන්දික ප්‍රනාන්දු ද එක්ව සිටීම විශේෂත්වයක්.