විදුලි සේවකයින් අඛන්ඩ වර්ජනයේ - ප්‍රදේශ කිහිපයක විදුලි බිඳ වැටීම්

Thursday, 14 September 2017 - 7:25

%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B6%BD%E0%B7%92+%E0%B7%83%E0%B7%9A%E0%B7%80%E0%B6%9A%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%9B%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9+%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+-+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AF%E0%B7%9A%E0%B7%81+%E0%B6%9A%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%B4%E0%B6%BA%E0%B6%9A+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B6%BD%E0%B7%92+%E0%B6%B6%E0%B7%92%E0%B6%B3+%E0%B7%80%E0%B7%90%E0%B6%A7%E0%B7%93%E0%B6%B8%E0%B7%8A
සිය වර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට තීරණය කළ බව ලංකා විදුලිබල මණ්ඩලයේ ඒකාබද්ධ වෘත්තිය සමිති සන්ධානය පවසනවා.

කෙසේ වෙතත් මේ වනවිට ප්‍රදේශ කිහිපයක විදුලිය බිඳ වැටීම් වාර්තාවනවා.

වැටුප් විෂමතා ඉවත් කර 6 ට 1 අනුපාතයට වැටුප් තල සකස් කිරිම ඇතුළු ඉල්ලිම් කිහිපයක් මුල් කර ගනිමින් විදුලි සේවකයන් මෙම වර්ජනය ආරම්භ කළේ් ඊයේ දහවල් 12 ටයි.

පැය 48ක වර්ජනයක් ක්‍රියාත්මක කරන බවට විදුලිබල මණ්ඩලයේ ඒකාබද්ධ වෘත්තිය සමිති සන්ධානය මීට පෙර ප්‍රකාශ කළද මේ වනවිට එය අඛණ්ඩ වර්ජනයක් බවට පත්කර තිබෙනවා.

කෙසේ වෙතත් අතවශ්‍ය සේවා අඛණ්ඩව පවත්වා ගෙන යාමේ අරමුණින් ලබන 20 වනදා දක්වා විදුලි බල මණ්ඩලයේ සියලූ සේවකයින්ගේ නිවාඩු අවලංගු කරමින් එහි සමාන්‍යාධිකාරිවරයා විසින් ඊයේ විශේෂ චක්‍රලේඛයක් නිකුත් කරනු ලැබුවා.

එහෙත් කොළඹ ප්‍රධාන කාර්යාලයේ සහ විදුලි බලාගාර වල සේවය කරන ඉංජිනේරුවන් හැර ඇතැම් සේවකයින් ඊයේ දහවල් කාලයේදීම  සේවයෙන් ඉවත් වී තිබුණා.  

එමෙන්ම ගාල්ල, මාතර ඇතුලූ දිවයිනේ ප්‍රදේශ රැසක පැවති අයහපත් කාලගුණයත් සමඟ විදුලිය විසන්ධිවීම් පිළිබඳ තොරතුරු හිරු ප්‍රවෘත්ති අංශයට වාර්තාවුණා.

මේ සම්බන්ධයෙන් අප විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධනගෙන් විමසීමක් කළ අතර, එහිදී ඔහු කියා සිටියේ බිඳ වැටී ඇති විදුලි පද්ධති කඩිනමින් යථා තත්ත්වයට පත් කිරීමට බලාපොරොත්තු වන බවයි.

මේ අතර සයිටම් ගැටලූව මුල් කරගනිම්න් රජයේ වෛද්‍ය නිළධාරින්ගේ සංගමය දිස්ත්‍රික්ක මට්ටමින් දියත් කරන වර්ජනය අද අනුරාධුපුරය, කුරුණෑගල, මහනුවර, රත්නපුර සහ ගාල්ල දිස්ත්‍රික්කවල ක්‍රියාත්මක වනු ඇති.