අදත් ප්‍රදේශ රැසකට වැසි

Thursday, 14 September 2017 - 7:29

%E0%B6%85%E0%B6%AF%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AF%E0%B7%9A%E0%B7%81+%E0%B6%BB%E0%B7%90%E0%B7%83%E0%B6%9A%E0%B6%A7+%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%92
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද දිනයේත් වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුවේ වැඩබලන අධ්‍යක්‍ෂ ජනරාල් අතුල කරුණානායක  සඳහන් කළේ කෑගල්ල, රත්නපුරය සහ කළුතර දිස්ත්‍රික්කවලට අද පස්වරුවේ තද වැසි ඇතිවිය හැකි බවයි.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ පවතින වැසි තත්ත්වයත් සමග කුකුළේගඟ ජලාශයේ සියලූ වාන් දොරටු මේ වනවිට විවෘත කර ඇති බවයි. ඒ හේතුවෙන් පහත් බිම්වල ජීවත්වන ජනතාව අවධානයෙන් සිටිය යුතු බවයි එහි සහකාර අධ්‍යක්‍ෂ ප්‍රදීප් කොඩිප්පිලි සඳහන් කළේ.

එමෙන්ම රත්නපුරය, කළුතර, ගාල්ල, මාතර, කෑගල්ල යන දිස්ත්‍රික්කවලට නිකුත් කළ නායයෑම් අනතුරු ඇඟවීම තවදුරටත් ක්‍රියාත්මකයි.

මේ අතර දැනට පවතින කාලගුණ විපර්යාසය ඉදිරි සති දෙක තුළද පැවතිය හැකි බවට තාරකා විද්‍යාඥයන් අනාවැකි පළ කරනවා.

බ්‍රිතාන්‍ය රාජකීය තාරකා විද්‍යාඥ සංගමයේ තාරකා විද්‍යාඥ අනුර සී පෙරේරා හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ පසුගියදා ඇතිවූ සූර්යග්‍රහණයේ බලපෑමකට අනුව මේ දිනවල සමස්ත ලෝකයම කාලගුණ පෙරළියක් සිදුවී ඇති බවයි.