ප්‍රගතිය ගැන යුරෝපා සංගමය අවධානයෙන්

Thursday, 14 September 2017 - 7:33

%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%9C%E0%B6%AD%E0%B7%92%E0%B6%BA+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%BA%E0%B7%94%E0%B6%BB%E0%B7%9D%E0%B6%B4%E0%B7%8F+%E0%B7%83%E0%B6%82%E0%B6%9C%E0%B6%B8%E0%B6%BA+%E0%B6%85%E0%B7%80%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A
ශ්‍රී ලංකාවට ලබාදෙන ජී.එස්.පී. ප්ලස් බදු සහනය පිළිබඳ ඇගයීම් වාර්තාවක් ලබන වසරේ ජනවාරි මාසයේදී ප්‍රකාශයට පත් කරන බව යුරෝපා සංගමය සඳහන් කළා.

එම වාර්තාව යුරෝපා පාර්ලිමේන්තුව තුළ සහ අමාත්‍ය මණ්ඩලයේදී සළකා බැලීමට නියමිතයි.

බදු සහනය හිමිවන අනෙකුත් රාජ්‍යවල තොරතුරුද ඊට ඇතුළත් වන බව සඳහන්.

දින 10 ක් පුරා මෙරට රැඳී සිටි යුරෝපා සංගමයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කණ්ඩායමක් ඊට තොරතුරු සැපයූ බවයි ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා වන යුරෝපා සංගම් කාර්යාලය ප්‍රකාශ කළේ.

මානව හිමිකම්, කම්කරු සහ පරිසර ප්‍රමිතීන් වැඩිදියුණු කිරීමට ලක් රජය ගෙන ඇති පියවර ඔවුන්ගේ ප්‍රශංසාවට ලක්වුණා.

කෙසේ වෙතත් ප්‍රතිසංස්කරණය විය යුතු තවත් අංශ කිහිපයක් ශ්‍රී ලංකාව තුළ පවතින බවයි යුරෝපා නියෝජිත පිරිස ප්‍රකාශ කර ඇත්තේ.

ජාත්‍යන්තර සම්මතවලට අනුකූල වන සහ සිරගතවූ පුද්ගලයන්ට නීති උපදෙස් ලබාගත හැකි ත්‍රස්තවාදයට එරෙහි නීතියක් බලාත්මක කිරීමේ වැදගත්කමද ඔවුන් අවධාරණය කරන්නේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවටයි.

එසේම ජාතික සංහිඳියා ප්‍රතිපත්තිය පිළිබඳව ද යුරෝපා සංගම් නියෝජිතයන් කරුණු දක්වා තිබෙනවා.