මැලේසියාවේ පාසලක ගින්නකින් සිසුන් ඇතුලු 25 දෙනෙකු ජීවිතක්ෂයට

Thursday, 14 September 2017 - 7:36

%E0%B6%B8%E0%B7%90%E0%B6%BD%E0%B7%9A%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%B4%E0%B7%8F%E0%B7%83%E0%B6%BD%E0%B6%9A+%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%87%E0%B6%AD%E0%B7%94%E0%B6%BD%E0%B7%94+25+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%A2%E0%B7%93%E0%B7%80%E0%B7%92%E0%B6%AD%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B6%A7
මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර පාසලක අද උදෑසන ඇතිවූ ගින්නකින් 25 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ සිසුන් 23 දෙනෙකු සහ ගුරුවරුන් දෙදෙනෙකු ඒ අතර සිටින බවයි.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ.

මේ අතර ගින්න මැඩපැවැත්වීම සඳහා කඩිනමින් ගිනිනිවන භටයන් එම ස්ථානයට පැමිණ ඇති බවයි එම වාර්තා පෙන්වා දෙන්නේ.

ගින්නට කොටුවීමෙන් විස දුම ආඝ්‍රහණය වීම හේතුවෙන් මෙම පිරිස මියයන්නට ඇති බවටයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත්තේ.