ලලිත් - අනූෂට ඇප අයදුම අද සළකා බැලේ

Thursday, 14 September 2017 - 7:39

%E0%B6%BD%E0%B6%BD%E0%B7%92%E0%B6%AD%E0%B7%8A+-+%E0%B6%85%E0%B6%B1%E0%B7%96%E0%B7%82%E0%B6%A7+%E0%B6%87%E0%B6%B4+%E0%B6%85%E0%B6%BA%E0%B6%AF%E0%B7%94%E0%B6%B8+%E0%B6%85%E0%B6%AF+%E0%B7%83%E0%B7%85%E0%B6%9A%E0%B7%8F+%E0%B6%B6%E0%B7%90%E0%B6%BD%E0%B7%9A
මහාධිකරණය විසින් දඩුවම් නියම කළ හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග සහ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ හිටපු අධ්‍යක්‍ෂ ජනරාල් අනූෂ පැල්පිට ඇප ලබාදෙන ලෙස කරනු ලැබූ ඉල්ලීම කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග හමුවේ අද සළකා බැලීමට නියමිතයි.

මෙම විත්තිකරුවන් දෙදෙනාට පසුගිය 7 වනදා මහාධිකරණය විසින් නියම කළ වසර 3 ක සිර දඩුවම මෙන්ම දඩ සහ වන්දි නියෝග අවලංගු කර ඔවුන් සියලූ අධිචෝදනාවලින් නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා පසුගිය 11 වනදා අභියාචනාධිකරණය හමුවේ පෙත්සම් 2 ක් ගොනු කෙරුණා.

එම අභියාචනා සමග විත්තිකරුවන්ගේ ඇප ඉල්ලීමේ අයදුම්පත්‍රද ඔවුන්ගේ නීතීඥයින් කොළඹ මහාධිකරණයේ ප්‍රධාන රෙජිස්ට්‍රාර්වරිය වෙත භාරදී තිබූ අතර, ඒ අනුව එහි තීන්දුව ලබාදුන් මහාධිකරණ විනිසුරුවරයා ඉදිරියේම අද එම ඇප අයදුම්පත් සළකා බැලීමට නියමිතයි.