සාක්ෂි ලබාදීමට අකමැති බව අර්ජුන් ඇලෝසියස් බැඳුම්කර කොමිසමට කියයි

Thursday, 14 September 2017 - 10:59

%E0%B7%83%E0%B7%8F%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%92+%E0%B6%BD%E0%B6%B6%E0%B7%8F%E0%B6%AF%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%85%E0%B6%9A%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92+%E0%B6%B6%E0%B7%80+%E0%B6%85%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%87%E0%B6%BD%E0%B7%9D%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%83%E0%B7%8A+%E0%B6%B6%E0%B7%90%E0%B6%B3%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%9A%E0%B6%BB+%E0%B6%9A%E0%B7%9C%E0%B6%B8%E0%B7%92%E0%B7%83%E0%B6%B8%E0%B6%A7+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
කොමිසම හමුවේ සාක්ෂි දීමට තමන් අකමැති බව පර්පෙචුවෙල් ටෙ‍්‍රෂරීස් සමාගමේ හිමිකරු වන අර්ජුන් ඇලෝසියස් ප්‍රශ්ණගත බැදුම්කර සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශණය කෙරෙන ජනාධිපති කොමිසම  හමුවේ ප්‍රකාශ කළා.

ඒ, ඔහු මෙම කොමිසම හමුවේ අද පෙනී සිටි අවස්ථාවේදියි.

ඊයේ කොමිසම රැස්වූ අවස්ථාවේදී එහි විනිසුරු මඩුල්ල දැනුම්දුන්නේ අර්ජුන් ඇලෝසියස්ට සාක්ෂි දෙන ලෙස බලකිරීමේ හැකියාවක් නොමැති බවයි.

කොමිසමේ සාක්ෂි හරහා අර්ජුන් ඇලෝසියස් ඉදිරියේදී චූදිතයෙකු කිරීමට නීතිපතිවරයාට බලය ඇති බැවින්, චූදිතයෙකුට සාක්ෂි ලබාදීමට බල කිරීමට නොහැකි බවයි අර්ජුන් ඇලෝසියස් වෙනුවෙන් පෙනී සිටි නීතීඥයින් එහිදී තර්ක කළේ.

පසුව බැඳුම්කර නිකුතුව සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිෂන් සභාව පිටු 9 කින් යුත් තීන්දුවක් ප්‍රකාශයට පත් කළා.

එහිදී ප්‍රශ්ණගත බැඳුම්කර නිකුතුවලට ඉතා විශාල මුදලක් ලන්සු තැබීම, ඊට පෙර මහ බැංකුවේ අභ්‍යන්තර රහසිගත තොරතුරු ලැබුණු බවට දුරකථන සංවාද මගින් ප්‍රකාශවීම, හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් සමග තිබූ ඥාති සම්බන්ධය සහ මහ බැංකු නිලධාරීන් සමග තිබූ සම්බන්ධය යන කරුණු පිළිබඳව ද අර්ජුන් ඇලෝසියස්ගෙන් සාක්ෂි විමසීමට හා කරුණු දැක්වීමට අවස්ථාව සළසා දීම සිය අවශ්‍යතාව වී තිබූ බවයි කොමිසම එහිදී සඳහන් කළේ.

අර්ජුන් ඇලෝසියස් තවදුරටත් සාක්ෂි ලබාදීම ප්‍රතික්ෂේප කරන්නේ නම් අවසානයේදී කොමිසමට ඉදිරිපත් වී ඇති සාක්ෂි මත පමණක් පදනම් වී ප්‍රශ්නගත බැඳුම්කර නිකුතුවේදී සිදුවූයේ කුමක්දැයි යන්න සොයාගැනීමට කටයුතු කරන බවද කොමිසම ප්‍රකාශ කළා.

කෙසේ වෙතත් බැදුම්කර කොමිසම ඊයේ ලබාදුන් මෙම තීන්දුව සම්බන්ධයෙන් එකඟ විය නොහැකි බවයි වැඩබලන සොලිසිටර් ජනරාල් දප්පුල ද ලිවේරා අද කොමිසම හමුවේ කියා සිටියේ.

එය වැරදි තීන්දුවක් බව සඳහන් කළ ඔහු ඉදිරියේදී මේ සම්බන්ධයෙන් ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳව අද දිනයේ නීතිපතිවරයා හමුවේ සාකච්ඡා කරන බවද කියා සිටියා.