ඉදිරි දින කිහිපයේත් තද වැසි

Thursday, 14 September 2017 - 12:56

%E0%B6%89%E0%B6%AF%E0%B7%92%E0%B6%BB%E0%B7%92+%E0%B6%AF%E0%B7%92%E0%B6%B1+%E0%B6%9A%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%B4%E0%B6%BA%E0%B7%9A%E0%B6%AD%E0%B7%8A+%E0%B6%AD%E0%B6%AF+%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%92
දිවයින හරහා පවතින සුළං ප්‍රවාහයේ වෙනස් විමක් හේතුවෙන් ඉදිරි දින කිහිපයේදීත් දිවයිනේ නිිරිතදිග ප්‍රදේශයට තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

රත්නපුර දිස්ත්‍රික්කයේ කහවත්ත -  කපුහෙන්කන්ද සහ ගලබඩ වන ප්‍රදේශවලින් අද උදෑසන සුළු නායයෑම් දෙකක් වාර්තා වුණා.

මෙම නායයෑම් වලින් එම ප්‍රදේශවල ජීවත් වූ කිසිවෙකුටත්  හානි සිදුවී නොමැති බවයි ආපදා කළමණාකරණ මධ්‍යස්ථාන සඳහන් කළේ.

එමෙන්ම අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මාතර, ගාල්ල, කඵතර, රත්නපුර සහ කෑගල්ල යන දිස්ත්‍රික්කවලට පනවා තිබු නාය යෑමේ අවධාණම තවදුරටත් ක්‍රියාත්මක බව  එහි සහකාර අධ්‍යක්ෂක ප්‍රදීප් කොඩිප්පිලි කියා සිටියා.

මේ අතර ඊයේ දිනයේ දි මහනුවර සිට රත්මලාන දක්වා පැමිණි විදෙස් ගුවන් සමාගමකට අයත් හෙලිකොප්ටර් යානයක් පැවති අයහත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මිරිගම ප්‍රදේශයට ගොඩබස්සවා තිබෙනවා.

එම යානයේ සංචාරයක් සඳහා පැමිණිි විදේශිකයින් සිව් දෙනෙකු සිට ඇති බවයි පොලිසිය ප්‍රකාශ කළේ්.

පසුව විදේශිකයන් සිව්දෙනා වෙනත් වාහනයකින් පිටව ගොස් ඇති අතර කාලගුණ තත්ත්වය යහපත් වු පසු යානය රැගෙන යන බව ගුවන් නියමුවා ප්‍රකාශ කර තිබෙනවා.

කෙසේ වෙතත් අද පෙරවරු 8.30න් අවසන් වු පැය 24 තුල වැඩිම වර්ෂාපතනය ගම්පහ කිරිදිවැල ප්‍රදේශයට ලැබී ඇති බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

එය මිලිමිටර් 141.6ක්. එමෙන්ම බන්ඩාරගම, පස්යාල, නිට්ටඹුව, මීගමුව යන ප්‍රදේශවලට මිලිමිටර් 100ට වැඩි වැසි ඇද හැලී තිබෙනවා.