මන්ත්‍රී විමල්ගෙන් කොන්දේසියක්

Thursday, 14 September 2017 - 13:12

%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B7%80%E0%B7%92%E0%B6%B8%E0%B6%BD%E0%B7%8A%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%9A%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
ආණ්ඩුවේ සිට ඒකාබද්ධ විපක්ෂයට එක්වීමට බලාපොරොත්තුවන නිදහස් පක්ෂ මැති ඇමතිවරුන්ට පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ කොන්දේසියක් ඉදිරිපත් කළා.

ජාතික නිදහස් පෙරමුණ කොළඹ අද කැදවා තිබූ මාධ්‍ය හමුවට එක්වූ මන්ත්‍රීවරයා කියා සිටියේ එලෙස පැමිණෙන නිදහස් පක්ෂ මැති ඇමතිවරුන් 20වන සංශෝධනය සම්මත කර ගැනීමට පෙර ඒකාබද්ධ විපක්ෂය හා එක්විය යුතු බවයි.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ මන්ත්‍රීවරයා බැදුම්කර කොමිසම පිළිබඳවද අදහස් පළ කරමින් කියා සිටියේ යහපාලන ආණ්ඩුව බිහිකිරීම සඳහා අර්ජුන් ඇලෝසියස් සහ අර්ජුන් මහේන්ද්‍රන් විශාල වශයෙන් මුදල් යොදවා ඇති බවයි.

ඒ අනුව තමාගෙන් ප්‍රශ්න කළහොත් ඒ සියල්ල හෙළි කරන බවට අර්ජුන් ඇලෝසියස් විසින් ආණ්ඩුවට  සිදුකළ බලපෑමේ ප්‍රතිඵලයක් ලෙස කොමිසම ඔහුගෙන් ප්‍රශ්න කිරීමට බලයක් නොමැති බවට ප්‍රකාශ කර ඇති බවයි.

ඒ අනුව මුලින් හොරු ඇල්ලීමේ ක්‍රියාවලියට සහය දැක්වූ කොමිසම මේ වනවිට හොරු මගහැර යාමේ තත්ත්වයක් තමන්ට දක්නට ලැබෙන බවයි මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේ.

මේ අතර, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කොළඹදී අද කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන කියා සිටියේ අර්ජුන් ඇලෝසියස් කොමිසම ඉදිරියේ සාක්ෂි දීම ප්‍රතික්ෂේප කළත් ඔහුට අධිකරණය මගහැර යාමට නොහැකි බවයි.