සරසවි සිසුන් දෙදෙනෙකු මියගිය සිද්ධියේ සැකකාර පොලිස් නිලධාරීන්ට අද ලැබුනු නියෝගය (ඡායාරූප)

Thursday, 14 September 2017 - 16:13

%E0%B7%83%E0%B6%BB%E0%B7%83%E0%B7%80%E0%B7%92+%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B7%83%E0%B7%90%E0%B6%9A%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB%E0%B7%93%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%85%E0%B6%AF+%E0%B6%BD%E0%B7%90%E0%B6%B6%E0%B7%94%E0%B6%B1%E0%B7%94+%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B6%9C%E0%B6%BA+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
යාපනය විශ්ව විද්‍යාලයේ සිසුන් දෙදෙනෙකුට වෙඩි වැදී මියයාම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි පොලිස් නිලධාරීන් 5 දෙනා ඇප මත නිදහස් කර තිබෙනවා.

යාපනය මහාධිකරණ විනිසුරුවරයායි අද මෙම නියෝගය ලබාදුන්නේ.

යාපනය සරසවියේ තුන්වන වසරේ ඉගෙනුම ලබමින් සිටි 24 සහ 23 හැවිරිදි සිසුන් දෙදෙනෙකු යාපනය කොක්කුවිල් ප්‍රදේශයේදී ජීවිතක්ෂයට පත්වුයේ පසුගිය වසරේ ඔක්තෝම්බර් මස 20 වනදා රාත්‍රියේදීයි.

මෙම ඝාතනයට අදාළව උප පොලිස් පරීක්ෂකවරයෙකු ඇතුලු නිලධාරීන් 5 දෙනෙකු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර තිබුනා.

ඒ පොලිස් වෙඩි පහරකින් අදාළ ඝාතනය සිදුවු බවට චෝදනා මතයි.

සිසුන්ගේ මරණ පරීක්ෂණවලදී හෙළිවී තිබුනේ එක් සිසුවෙකුගේ සිරුරේ වෙඩි සලකුණු පවතින බවයි.

අනෙක් සිසුවා මරණයට පත්වී ඇත්තේ අභ්‍යන්තර රුධිර වහනය හේතුවෙන් බවට මරණ පරීක්ෂණයේදී අනාවරණ වී තිබුනා.

මෙම ඝාතනය සිදුවු සමයේදී සිද්ධියට සම්බන්ධ පුද්ගලයන්ට දඩුවම් ලබාදෙන ලෙසට ඉල්ලා උතුරු පළාතේ සරසවි සිසුන් විසින් දැවැන්ත විරෝධතා මාලාවක් ද ක්‍රියාත්මක කරනු ලැබුවා.

 
 

ඡායාරූප - වව්නියාව මාධව කුලසුරිය / වන්නි රොමේෂ් මදුෂංක