සයිටම් ගැටලූව ගැන, නීතිපතිගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දීමක්

Thursday, 14 September 2017 - 16:10

%E0%B7%83%E0%B6%BA%E0%B7%92%E0%B6%A7%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B6%BD%E0%B7%96%E0%B7%80+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%2C+%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9A%E0%B7%82%E0%B7%8A%E0%B6%A8%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%A7+%E0%B6%AF%E0%B7%90%E0%B6%B1%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%AF%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් පැන නැගී ඇති ගැටලූකාරි තත්ත්වය පිළිබදව රජය, අදාළ පාර්ශව සමග සාකච්ඡා කරමින් සිටින බව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිස්ටර් ජනරාල් සංජය රාජරත්නම් අද ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නා.

ඒ සයිටම් ආයතනයට අදාළව අභියාචනාධිකරණය ලබාදුන් තීන්දුවට එරෙහිව වෛද්‍ය සභාව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකළ පෙත්සම සලකා බැලූ අවස්ථාවේදීයි.

කරුණු සලකා බැලූ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල නඩු විභාගය හෙටට කල් තැබුවා.

එමෙන්ම, රජය සහ සයිටම් ගැටලූවට අදාළ පාර්ශවවල සමතයක් පවතී නම්, එය ද ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දෙන ලෙසයි ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල එහිදී නියෝග කළේ.