අත්තනගලු ඔය අවට ජනතාවට උපදෙසක්

Thursday, 14 September 2017 - 16:26

%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B6%B1%E0%B6%9C%E0%B6%BD%E0%B7%94+%E0%B6%94%E0%B6%BA+%E0%B6%85%E0%B7%80%E0%B6%A7+%E0%B6%A2%E0%B6%B1%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%8B%E0%B6%B4%E0%B6%AF%E0%B7%99%E0%B7%83%E0%B6%9A%E0%B7%8A
පැවති අධික වර්ෂාවත් සමග අත්තනගලූ ඔය පිටාර මට්ටමට පැමිණ තිබෙනවා.

වාරිමාර්ග දෙපාර්තමේන්තුව සදහන් කළේ දුනමලේ ජල මාපකය අවට ප්‍රදේශයේ ගංවතුර තත්ත්වයක් වාර්තා වී ඇති බවයි.

ඉදිරි පැය කිහිපය තුළත් වැසි ඇතිවුවහොත් එම තත්ත්වය තවදුරටත් වර්ධනය විය හැකි බැවින් අත්තනගලූ ඔය අවට පහත්බිම් වල වෙසෙන ජනතාව ඒ පිළිබදව අවධානයෙන් පසුවිය යුතු බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ.

එමෙන්ම, ගම්පහ - ජා-ඇල මාර්ගයේ කිරිදිවිට, අකරවිට සහ මාකෙවිට ප්‍රදේශවල ප්‍රධාන මාර්ග ජලයෙන් යටවිය හැකි බව ද එම දෙපාර්තමේන්තුව සදහන් කළා.

මේ අතර දිවයින හරහා පවතින සුළං ප්‍රවාහයේ වෙනස් විමක් හේතුවෙන් ඉදිරි දින කිහිපයේදීත් දිවයිනේ නිිරිතදිග ප්‍රදේශයට තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

රත්නපුර දිස්ත්‍රික්කයේ කහවත්ත -  කපුහෙන්කන්ද සහ ගලබඩ වන ප්‍රදේශවලින් අද උදෑසන සුළු නායයෑම් දෙකක් වාර්තා වුණා.

මෙම නායයෑම් වලින් එම ප්‍රදේශවල ජීවත් වූ කිසිවෙකුටත්  හානි සිදුවී නොමැති බවයි ආපදා කළමණාකරණ මධ්‍යස්ථාන සඳහන් කළේ.

එමෙන්ම අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මාතර, ගාල්ල, කඵතර, රත්නපුර සහ කෑගල්ල යන දිස්ත්‍රික්කවලට පනවා තිබු නාය යෑමේ අවධානම තවදුරටත් ක්‍රියාත්මක බව  එහි සහකාර අධ්‍යක්ෂක ප්‍රදීප් කොඩිප්පිලි කියාසිටියා.