උතුරු කොරියාවෙන් ජපානයට දෙවන මිසයිලය එයි

Friday, 15 September 2017 - 7:00

%E0%B6%8B%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%A2%E0%B6%B4%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B6%AF%E0%B7%99%E0%B7%80%E0%B6%B1+%E0%B6%B8%E0%B7%92%E0%B7%83%E0%B6%BA%E0%B7%92%E0%B6%BD%E0%B6%BA+%E0%B6%91%E0%B6%BA%E0%B7%92
උතුරු කොරියාව විසින් ජපානයට ඉහළින් තවත් මිසයිල අත්හදා බැලීමක් සිදුකර තිබෙනවා

මෙම මිසයිලය අද (15) උදෑසන 6.57 ට පමණ අතහදා බැලීම සිදුකර ඇති බවටයි එම වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

එය ජපානයට ඉහළින් ගමන්කර සැතපුම් 1247 ක් දුරින් Hokkaido දිවයිනට ආසන්නයෙන් පැසිපික් සාගරයට පතිතවී ඇති බවටයි එම වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

උතුරු කොරියාවේ මිසයිල අත්හදා බැලීම පිළිබඳව මේ වනවිට ලොව පුරා විශේෂ අවධානයකට ලක්ව තිබෙනවා.








මේ අතර සිය 6 වන සහ විශාලතම න්‍යෂ්ටික පිපිරවීම සිදුකළ උතුරු කොරියාවට එරෙහිව නව සම්බාධක පැනවීමට එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය පසුගියදා තීරණය කළා.

ඒ සඳහා පැවැති ඡන්ද විමසීමේදී උතුරු කොරියාව කෙරෙහි නම්‍යශීලී ආකල්පයක් දරණ චීනය සහ රුසියාව ද එක්වීම විශේෂත්වයක්.

ඡන්ද විමසීමේදී චීනය සහ රුසියාව මෙම යෝජනාවට පක්ෂව ඡන්දය ලබා නොදෙනු ඇති බවටයි මීට පෙර විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුනේ.

මේ අනුව උතුරු කොරියාවේ ගල් අඟුරු, ඊයම් සහ මුහුදු ආහාර අපනයනයන් ද තහනම් කෙරෙන නව සම්බාධකවලට ආරක්ෂක මණ්ඩලයේ අනුමැතිය හිමි වුණේ 15ට බින්දුවක් ලෙසින්.

කෙසේ වෙතත් තම රටට තවදුරටත් සම්බාධක පැනවුවහොත් එහි දරුණු ප්‍රතිවිපාකවලට ඇමරිකාවට මුහුණදීමට සිදුවනු ඇති බව උතුරු කොරියාව පවසනවා.

උතුරු කොරියාවට තවදුරටත් සම්බාධක පැනවිය යුතු බවට ඇමරිකාව ඉදිරිපත් කළ යෝජනාව සම්බන්ධයෙන් අදහස් දක්වමින් මේ බව ප්‍රකාශ කර තිබුණා.

මේ අතර උතුරු කොරියානු න්‍යෂ්ටික වැඩපිළිවෙල ලොවටම තර්ජනයක් බවත් ඊට ජාත්‍යන්තර ප්‍රතිචාරයක් අවශ්‍ය බවත් නේටෝ සංවිධානයද ප්‍රකාශ කර තිබෙනවා.

කෙසේ වෙතත්, උතුරු කොරියාව දිගින් දිගටම සිදුකරන න්‍යෂ්ටික අත්හදා බැලීම් දකුණු කොරියාව, ඇමරිකාව සහ ජපානය දැඩි ලෙස හෙළා දැක තිබෙනවා.