15 හැවිරිදි පෙම්වතියගේ නිවසට ගිය21 හැවිරිදි පෙම්වතාට ගොඩකවෙලදී සිදුවූ දේ

Friday, 15 September 2017 - 11:07

15+%E0%B7%84%E0%B7%90%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%AF%E0%B7%92+%E0%B6%B4%E0%B7%99%E0%B6%B8%E0%B7%8A%E0%B7%80%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%83%E0%B6%A7+%E0%B6%9C%E0%B7%92%E0%B6%BA21+%E0%B7%84%E0%B7%90%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%AF%E0%B7%92+%E0%B6%B4%E0%B7%99%E0%B6%B8%E0%B7%8A%E0%B7%80%E0%B6%AD%E0%B7%8F%E0%B6%A7+%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9%E0%B6%9A%E0%B7%80%E0%B7%99%E0%B6%BD%E0%B6%AF%E0%B7%93+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B7%80%E0%B7%96+%E0%B6%AF%E0%B7%9A
ගොඩකවෙල මියනකොලදෙනිය හල්වින්න ප්‍රදේශයේ නිවසකදී ඊයේ සවස පොල්ලකින් පහරදී තරුණයෙක් ඝාතනය කර තිබෙනවා.

පහරදීමෙන් මියගොස් ඇත්තේ 21 හැවිරිදි බලවින්න ගොඩකවෙල ප්‍රදේශයේ පදිංචි තරුණයෙක් බවටයි අනාවරණ වී ඇත්තේ.

ඔහුගේ දේහය ඇඹිලිපිටිය මූලික රෝහලේ තැන්පත්කර ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණය අද සිදුකිරීමට නියමිතයි.

ප්‍රේම සම්බන්ධයක් මෙම ඝාතනයට හේතුවී ඇති බවටයි පොලිසිය සැකපළකරන්නේ.

මියගිය පුද්ගලයා පහරකෑමට ලක්වූ නිවසේ සිටින 15 හැවිරිදි දියණියක් සමඟ මීට පෙර ප්‍රේම සම්බන්ධතාවක් පවත්වා තිබෙනවා.

අනතුරුව දෙමව්පියන් එම සම්බන්ධයට අකමැති වීම හේතුවෙන් 15 හැවිරිදි ගැහැණු ළමයා එම සම්බන්ධය නවතා ඇති බවටයි වාර්තා වන්නේ.

ඒ හේතුවෙන් මියගිය තරුණයා පිහියක් රැගෙන ඊයේ සවස ඔවුන්ගේ නිවසට පැමිණ ඔවුන්ට මරණ තර්ජනය කළ බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

එම අවස්ථාවේ නිවසේ සිටි පුද්ගලයන් සහ මෙම තරුණයා අතර ආරවුලක් ඇතිවී තිබෙනවා.

පසුව එහි සිටි 15 හැවිරිදි ගැහැණු ළමයාගේ පියා විසින් පොල්ලකින් එල්ලකළ පහරකින් මෙම තරුණයා මියයන්නට ඇති බවටයි පොලිසිය සැකපලකරන්නේ.

මෙම ඝාතනය සම්බන්ධයෙන් අදාළ ගැහැණු ළමයාගේ පියා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු 48 හැවිරිදි වියේ පසුවන අතර අදදින ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.