ආරුගම්බේ වෙරළේ සිටි බ්‍රිතාන්‍ය මාධ්‍යවේදියෙකු කිඹුල් ප්‍රහාරයකින් මියයයි (ඡායාරූප)

Friday, 15 September 2017 - 12:51

%E0%B6%86%E0%B6%BB%E0%B7%94%E0%B6%9C%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B7%9A+%E0%B7%80%E0%B7%99%E0%B6%BB%E0%B7%85%E0%B7%9A+%E0%B7%83%E0%B7%92%E0%B6%A7%E0%B7%92+%E0%B6%B6%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%AD%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%B8%E0%B7%8F%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%80%E0%B7%9A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%9A%E0%B7%92%E0%B6%B9%E0%B7%94%E0%B6%BD%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B6%BA%E0%B7%92+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
ආරුගම්බේ මුහුදු තීරයේ කලපු ප්‍රදේශයක රැඳී සිටි බ්‍රිතාන්‍ය ජාතික මාධ්‍යවේදියෙකු කිඹුලෙකුට ගොදුරු වීමෙන් මියගොස් තිබෙනවා.

25 හැවිරිදි පෝල් මැක්ලීන් නමැති ඔහු බ්‍රිතාන්‍යයේ ෆයිනෑන්ෂල් ටයිම්ස් පුවත්පතට අනුයුක්තව සේවය කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ඔක්ස්ෆර්ඩ් සරසවියේ උපාධිධාරියෙකු ද වන පෝල් මැක්ලීන් ආරුගම්බේ මුහුදු තීරයේ රළ මත ලිස්සා යාමේ පුහුණුවීම්වල නිරත වී ඇත්තේ මිතුරන් පිරිසක් ද සමඟයි.

ආරුගම්බේ එළිෆන්ට් රොක් ප්‍රදේශයේ කලපුව ආසන්න වන ලැහැබකට ගිය ඔහු එහිදී කිඹුලාට ගොදුරු වී ඇත්තේ ඊයේ (14) පස්වරු 3.30 ට පමණයි.

කිඹුලා ඩැහැගෙන ගිය ඔහුගේ සිරුර අද උදෑසන සොයා ගත් බව පොලිසිය ප්‍රකාශ කළා.