බලපෑම් හමුවේ වර්ජනය අත්නොහරින බව විදුලි වෘත්තීය සමිති කියයි

Friday, 15 September 2017 - 12:57

%E0%B6%B6%E0%B6%BD%E0%B6%B4%E0%B7%91%E0%B6%B8%E0%B7%8A+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B6%B1%E0%B6%BA+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%B1%E0%B7%9C%E0%B7%84%E0%B6%BB%E0%B7%92%E0%B6%B1+%E0%B6%B6%E0%B7%80+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B6%BD%E0%B7%92+%E0%B7%80%E0%B7%98%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%93%E0%B6%BA+%E0%B7%83%E0%B6%B8%E0%B7%92%E0%B6%AD%E0%B7%92+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
බලපෑම් හමුවේ කිසිදු ලෙසකින් වර්ජන ක්‍රියාමාර්ගය අත්නොහරින බව විදුලිබල වෘත්තීය සමිති පවසනවා.

අද (15) පෙරවරුවේ විදුලිබල වෘත්තීය සමිති ඒකාබද්ධව පැවැත්වූ මාධ්‍ය හමුවේදී මේ බව අවධාරණය කරනු ලැබුවා.

ලංකා විදුලි සේවක සංගමයේ ලේකම් රංජන් ජයලාල් ප්‍රකාශ කළේ විවිධ ක්‍රියාමාර්ග අනුගමනය කරමින් ආණ්ඩුව වර්ජනය නැවැත්වීමට උත්සාහ දරමින් සිටින බවයි.

කෙසේ වෙතත්, විදුලිබල අමාත්‍යාංශය පවසන්නේ නම්‍යශීලි ප්‍රතිපත්තියක සිට ගැටලූ විසඳා ගැනීමේ අවශ්‍යතාවයක් විදුලි වෘත්තීය සමිති වලට නොමැති බවයි.

වෘත්තීය සමිති වෙත යෝජනාවලියක් ලබාදී ඇති අතර ඔවුන් ඊට එකඟත්වයක් නොදැක්වීම ගැටලු විසඳීම ප්‍රමාදයට හේතුවී ඇති බව එම අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන කියා සිටියා.  

විදුලිබල මණ්ඩලය තුළ ඉහළ පාලනාධිකාරියට වැටුප් ගෙවීමේදී මූල්‍ය අක්‍රමිකතාවයක් සිදුවන බවට වන චෝදනාව සහ තවත් ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් විදුලි වෘත්තීය සමිති මෙම වර්ජනය ආරම්භ කර තිබෙනවා.

ඊයේ විෂයභාර අමාත්‍යවරයා සමඟ සාකච්ඡාවක් සිදුකළ ද එය අවසාන වූයේ කිසිදු එකඟතාවයකින් තොරවයි.

එම පසුබිම තුළ අද පෙරවරු 8.30 ට පෙර සේවයට වාර්තා නොකරන අනියම් සහ පරිවාස සේවකයන් සේවය අතහැර ගියා සේ සලකන බව විදුලිබල අමාත්‍යාංශය ඊයේ නිවේදනය කළා.