කොළඹට එන සයිටම් රථ පෙළපාලි දිසා 5 කින් පිටත් වේ - ජාතික රෝහලේ සායන කටයුතුවලටත් බාධා

Friday, 15 September 2017 - 13:02

%E0%B6%9A%E0%B7%9C%E0%B7%85%E0%B6%B9%E0%B6%A7+%E0%B6%91%E0%B6%B1+%E0%B7%83%E0%B6%BA%E0%B7%92%E0%B6%A7%E0%B6%B8%E0%B7%8A+%E0%B6%BB%E0%B6%AE+%E0%B6%B4%E0%B7%99%E0%B7%85%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B7%92+%E0%B6%AF%E0%B7%92%E0%B7%83%E0%B7%8F+5+%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B7%9A+-+%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%92%E0%B6%9A+%E0%B6%BB%E0%B7%9D%E0%B7%84%E0%B6%BD%E0%B7%9A+%E0%B7%83%E0%B7%8F%E0%B6%BA%E0%B6%B1+%E0%B6%9A%E0%B6%A7%E0%B6%BA%E0%B7%94%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B6%BD%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B6%E0%B7%8F%E0%B6%B0%E0%B7%8F
මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට විරෝධය පළ කරමින් සයිටම් විරෝධී ජන පවුර සංවිධාන කළ රථ පෙළපාලිය මේ වනවිට කොළඹට ළඟාවීම සඳහා ස්ථාන 05 කින් ගමන් ආරම්භ කර තිබෙනවා.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මීට සමගාමීව දියත් කර ඇති වර්ජනය ක්‍රියාත්මක දිස්ත්‍රික්ක වන කොළඹ, පුත්තලම, කෑගල්ල, ගම්පහ සහ කළුතරින් මෙම රථ පෙළපාලි අද (15) දිනයේ ගමන් ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ.

අද පස්වරුවේ මෙම රථ පෙළපාලිය කොළඹ - ලිප්ටන් වටරවුමට ළගා වීමෙන් පසු විරෝධතා රැලියක්ද සංවිධාන කර තිබෙනවා.

මේ අතර, දිස්ත්‍රික්ක 05 ක ක්‍රියාත්මක වන වෛද්‍ය වර්ජනය හේතුවෙන් ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණි රෝගීන් බොහොමයක් අපහසුතාවට පත්ව සිටි බවයි හිරු වාර්තාකරුවන් සඳහන් කළේ.

කොළඹ ජාතික රෝහලට ප්‍රතිකාර ලබාගැනීමට පැමිණි රෝගීන් ප්‍රතිකාර ලබා ගැනීමට නොහැකිව අසීරුතාවයට පත්වූ අයුරු දක්නට ලැබුණා.

එමෙන්ම, කළුතර නාගොඩ රෝහල, පුත්තලම මූලික රෝහල, ගම්පහ මහ රෝහල යන රෝහල්වලද සායනික සහ බාහිර රෝගී අංශවල ප්‍රතිකාර කටයුතු වර්ජනය හේතුවෙන් සිදුකෙරුණේ නැහැ.