හෙට සහ අනිද්දා යලි නිරිත දිග ප්‍රදේශවලට වැසි

Friday, 15 September 2017 - 13:04

%E0%B7%84%E0%B7%99%E0%B6%A7+%E0%B7%83%E0%B7%84+%E0%B6%85%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E0%B6%AF%E0%B7%8F+%E0%B6%BA%E0%B6%BD%E0%B7%92+%E0%B6%B1%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%AD+%E0%B6%AF%E0%B7%92%E0%B6%9C+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B7%80%E0%B6%BD%E0%B6%A7+%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%92
හෙට සහ අනිද්දා යන දෙදින තුළ දිවයිනේ නිරිත දිග කොටසේ සහ වයඹ පළාතේ වැසි තත්ත්වයේ වැඩිවීමක් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ හෙට සිට දිවයින හරහා සහ දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුලං වේගයේ වැඩිවීමක්ද අපේක්ෂා කරන බවයි.

සබරගමුව, බස්නාහිර, වයඹ සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවන බවද එහි වැඩිදුරටත් සඳහන්.

ඌව පළාතේ මෙන්ම, අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක පස්වරු දෙකෙන් පසුව වැසි ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ.