‘‘ජනාධිපති තාත්තා’’ එළි දකී

Friday, 15 September 2017 - 13:17

%E2%80%98%E2%80%98%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%AD%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E2%80%99%E2%80%99+%E0%B6%91%E0%B7%85%E0%B7%92+%E0%B6%AF%E0%B6%9A%E0%B7%93
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති ධුරය දක්වා පැමිණි ගමන් මඟ දියණියකගේ ඇසින් කියවෙන ‘‘ජනාධිපති තාත්තා’’ ග්‍රන්ථය අද (15) පෙරවරුවේ එළිදැක්වුණා.

ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඇතුළු මැතිඇමතිවරුන් පිරිසකගේ ද සහභාගිත්වයෙන් බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදීයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ වැඩිමහල් දියණිය වූ චතුරිකා සිරිසේන විසින් රචිත මෙම ග්‍රන්ථයේ සිය පියාගේ ප්‍රාදේශීය දේශපාලන දිවියේ සිට ජනාධිපති ධුරය දක්වා පැමිණි ගමන් මඟ සහ ඇය ලැබූ අත්දැකීම් විස්තර කර තිබෙනවා.

එම අවස්ථාවට එක්වෙමින් අදහස් දැක්වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ දියණිය වන චතුරිකා සිරිසේන කියා සිටියේ සිය පියා පොදු අපේක්ෂකයා ලෙස කටයුතු කිරීමට ගත් තීරණය අග්‍රගන්‍ය එකක් බවයි.

‘‘මෙම කෘතිය තුලින් ශ්‍රී ලාංකික පාඨකයින්ට මම කියන්න උත්සාහ කරන්නේ වෘත්තීය කර ගත් දේශපාලන පියෙකුගේ අත්දැකීම්, දරා ගැනීම්, අහිමිවීම් සහ වේදනාවන්ට ලක්වීම් පිළිබඳවයි. තාත්තා ගන්න තීරණ හොඳ වෙන්නත් පුළුවන්. නරක වෙන්නත් පුළුවන්. ඒ ප්‍රතිඵලවලට අපිට මුහුණදෙන්න සිද්ධ වුණා. ඒකේ අග්‍රගන්‍යම මොහොත තමයි තාත්තා පොදු අපේක්ෂකයා වෙලා එළියට බැහැපු වේලාව. ඒ තීරණ ගනිද්දී මට ඇතිවෙච්ච හැඟීම තමයි තාත්තා ජනාධිපති වෙයි කියලා නෙවෙයි. තාත්තා වෙනුවෙන් තාත්තා ගන්න අරමුණ වෙනුවෙන් අපි අන්තිම මොහොත දක්වා සටන් කරනවා කියලා හිතුවා. මම මේ කෘතියෙහි තාත්තාගේ තරුණවිය, ගැටවර විය සහ ඔහුගේ විප්ලවීය වෙනස මාගේ කෝණයෙන් සඳහන් කර තිබෙනවා. පෙර දින අදින්නට ඇඳුමක් පමණක් ඇඳුම් මල්ලක බහා පැමිණි සරල මිනිසා අද මේ රටේ ජනාධිපතිවරයායි. ඔහු මතුයම් දිනයකදී මේ සියලු බලතල අතහැර එලෙසින්ම පිරිසිදු දෑතින් මේ ධුරයෙන් නික්මෙන බව ස්ථිරයි. ඒ අතීතය ද මතුයම් දවසකදී මට අභිමානයෙන් ලියන්නට හැකිවන්නේ නම් මා ජීවිතයේ ලබන සුවිසල්ම ජයග්‍රහණයක් එය’’ යනුවෙන් ඇය එහිදී වැඩිදුරටත් අදහස් පළ කළා.