වයඹත් ඇමති මාරුවක් - හිටපු ඇමති රට

Friday, 15 September 2017 - 13:35

%E0%B7%80%E0%B6%BA%E0%B6%B9%E0%B6%AD%E0%B7%8A+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+-+%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%BB%E0%B6%A7
වයඹ පළාත් සභා මන්ත්‍රී පියසිරි රාමනායක පළාත් සමූපකාර සංවර්ධන, වෙළද, ඉඩම්, විදුලිබල හා බලශක්ති, ක්‍රීඩා හා යෞවන කටයුතු, සංස්කෘතික හා කලා කටයුතු සහ තොරතුරු තාක්ෂණ අමාත්‍යවරයා ලෙස දිවුරුම් දී තිබෙනවා.

ජනාධිපති කාර්යාලයේදී අද පෙරවරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අතින් ඔහු සිය පත්වීම් ලිපිය ලබාගත් බවයි ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේ.

මීට අමතරව පළාත් අධ්‍යාපන අමාත්‍ය ධුරයේ වයඹ පළාත් ප්‍රධාන අමාත්‍ය ධර්මසිරි දසනායක දිවුරුම් දෙනු ලැබුවා.

මීට පෙර මෙම විෂයන්වල අමාත්‍ය ධුරය දරනු ලැබුවේ පළාත් සභා මන්ත්‍රී සන්ධ්‍යා කුමාර රාජපක්ෂයි.

මේ වන විට ස්විට්සර්ලන්තයේ සිටින අමාත්‍ය ධුරයෙන් ඉවත් කළ සන්ධ්‍යා කුමාර රාජපක්ෂ  හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ ඉදිරියේදී ආණ්ඩුව පෙරළා දැමීම සදහා කටයුතු කරන බවයි.