සයිටම් විරෝධී රථ පෙළපාලිය නිසා තුම්මුල්ලේ සිට පුරහල දක්වා දැඩි රථ වාහන තදබදයක්

Friday, 15 September 2017 - 14:46

%E0%B7%83%E0%B6%BA%E0%B7%92%E0%B6%A7%E0%B6%B8%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B7%93+%E0%B6%BB%E0%B6%AE+%E0%B6%B4%E0%B7%99%E0%B7%85%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B7%92%E0%B6%BA+%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%8F+%E0%B6%AD%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%B8%E0%B7%94%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%9A+%E0%B7%83%E0%B7%92%E0%B6%A7+%E0%B6%B4%E0%B7%94%E0%B6%BB%E0%B7%84%E0%B6%BD+%E0%B6%AF%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%8F+%E0%B6%AF%E0%B7%90%E0%B6%A9%E0%B7%92+%E0%B6%BB%E0%B6%AE+%E0%B7%80%E0%B7%8F%E0%B7%84%E0%B6%B1+%E0%B6%AD%E0%B6%AF%E0%B6%B6%E0%B6%AF%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
සයිටම් විරෝධී රථ පෙළපාලිය හේතුවෙන් කොළඹ - තුම්මුල්ල මංසන්ධියේ සිට පුරහල දෙසට දිවෙන මාර්ගවල මේ වන විට දැඩි රථ වාහන තදබදයක් පවතිනවා.

පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියේ එම නිසා හැකිතාක් විකල්ප මාර්ග භාවිත කරන ලෙසයි.

මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට විරෝධය පළ කරමින් සයිටම් විරෝධී ජන පවුර සංවිධාන කළ රථ පෙළපාලි කිහිපයක් ස්ථාන 5ක සිට මේ වන විට කොළඹට ළඟාවෙමින් සිටිනවා.

ඔවුන් කොළඹ ලිප්ටන් වටරවුමේ ජන රැළියක් ද සංවිධාන කර ඇති අතර, සයිටම් විරෝධීන් බොරැල්ල කැම්බල් පිටියට ඇතුළුවීම වැළැක්වීම සඳහා පොලීසිය කළ ඉල්ලීමක් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රංග දිසානායක අද ප්‍රතික්ෂේප කළා.