විශ්‍රාම ගිය විදුලි සේවකයන් පිරිසකට අමාත්‍යංශයෙන් කැඳවීමක්

Friday, 15 September 2017 - 15:16

%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%B8+%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B6%BD%E0%B7%92+%E0%B7%83%E0%B7%9A%E0%B7%80%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B6%9A%E0%B6%A7+%E0%B6%85%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%82%E0%B7%81%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%90%E0%B6%B3%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
ලංකා විදුලිබල මණ්ඩලයේ සේවය කර 2014 සැප්තැම්බර් පළමුවනදාට පසු විශ්‍රාම ගිය සේවකයන් යළි සේවයට කැඳවීමට විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශය තීරණය කර තිබෙනවා.

අත්‍යවශ්‍ය විදුලි සේවා අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහායි අමාත්‍යංශය මෙම තීරණයට එළඹ ඇත්තේ.

ඒ අනුව ක්ෂේත්‍ර කාර්මික සේවයට අදාළ සේවකයන් සහ රියදුරන්ට මෙම අවස්ථාව හිමිව ඇති අතර තම සේවය ලබාදීමට කැමැත්තෙන් පසුවන්නේ නම් අවසන් වරට සේවය කළ රාජකාරී ස්ථානයට වාර්තා කරන ලෙසටයි අමාත්‍යංශය දන්වා ඇත්තේ.

විදුලිබල මණ්ඩලය තුළ ඉහළ පාලන අධිකාරියට වැටුප් ගෙවීමේදී සිදුවන මූල්‍ය අක්‍රමිකතාවන් සහ තවත් ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමිනුයි විදුලි වෘත්තීය සමිති මෙම වර්ජනය දියත් කළේ.

ඊයේ දිනයේදී විෂය භාර අමාත්‍යවරයා සමඟ සාකච්ඡාවක් සිදුවුවද එය අවසන් වුයේ කිසිදු එකඟතාවකින් තොරවයි.

ඒ අනුව අද අනියම් හා පරිවාස සේවකයින්ට සේවයට වාර්තා කිරීමට අවස්ථාව ලබාදී තිබුණ ද වැඩි පිරිසක් සේවයට වාර්තා කර තිබුණේ නැහැ.

විදුලිබල මණ්ඩලය සදහන් කළේ වර්ජනයේ නිරත සේවකයන්ගෙන් සියයට 30ක් පමණක් එම නියෝගය අනුව සේවයට වාර්තා කළ බවයි.

ඒ අනුවයි විදුලිබල අමාත්‍යාංශය විශ්‍රාම ගිය සේවකයින් නැවත සේවයට කැදවීමට තීරණය කර ඇත්තේ.

කෙසේ වෙතත්, විශ්‍රාම ගිය සේවකයින් සේවයට වාර්තා කළ ද අඛණ්ඩ වර්ජන ක්‍රියාවලිය ඉදිරියට ක්‍රියාත්මක කරන බවයි ලංකා විදුලි සේවක සංගමයේ ලේකම් රන්ජන් ජයලාල් හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.