කජු කන්ද නිසා උණුසුම් වූ කොටදෙණියාව

Friday, 15 September 2017 - 17:54

%E0%B6%9A%E0%B6%A2%E0%B7%94+%E0%B6%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF+%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%8F+%E0%B6%8B%E0%B6%AB%E0%B7%94%E0%B7%83%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B7%80%E0%B7%96+%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B6%AF%E0%B7%99%E0%B6%AB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80
කොටදෙණියාව පොලිස් වසමට අයත් දොරොව්ව ප්‍රදේශයේදී ප්‍රදේශවාසීන් දෙපිරිසක් අතර අද උණුසුම් තත්වයක්  ඇති වුණා.

දොරොව්ව ප්‍රදේශයේ පවත්වාගෙන යන, කජු කන්ද කළු ගල කැණීමට විරෝධය පළකරමින් ප්‍රදේශවාසීන් පිරිසක් විරෝධතාවක් සංවිධානයකර තිබුණා.

විරෝධතාකරුවන් එහිදී කියා සිටියේ ගල් වලේ සිදුකරන බෝර දැමීම් හේතුවෙන් ඒ අවට ඇති නිවාස වලට දැඩි ලෙස හානි සිදුවන බවයි.

විරෝධතාවයේ නිරත ස්ථානයට එම ප්‍රදේශයේම තවත් පිරිසක් පැමිණ විරෝධතාවයට බාධා කිරීම හේතුවෙන් දෙපිරිස අතර උණුසුම්කාරී තත්වයක් ඇතිවූ බවයි අප වාර්තාකරු පැවසුවේ.  

අදාල සිදුවීම සම්බන්ධයෙන් කොටදෙණියාව පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ.